
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදෙස් ජාතික තරුණයන් දෙදෙනකුට පහරදුන් අඹුසැමි යුවළක් සීගිරිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් යුවල විසින් පවත්වාගෙන යන වෙළෙඳසැලට පැමිණ ඇති මෙම විදෙස් ජාතික තරුණයන් ආහාර මිලදී ගැනීමේදී මිල සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මත සිදුකළ විමසීමේ දී මෙම යුවළ මෙම තරුණයන්ට පහරදී ඇති බව සීගිරිය පොලීසිය පවසයි.
එලෙස පහරකෑමට ලක්ව ඇත්තේ ප්‍රංශ සහ ඉතාලි ජාතික තරුණයන් දෙදෙනෙකි.
මෙම තරුණයන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඔවුන් සමග ඉතාලියේ සහ ප්‍රංශයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකිකයකුගේ ආරාධනාව මත බව විමර්ශනවලදී හෙළිවී ඇත.
මෙම සංචාරයට එම ශ්‍රී ලාංකික තරුණයාද එක් වී ඇති අතර ඔහුට ද මෙම යුවල විසින් පහර දී ඇති බව පොලීසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart