
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බරපතළ ලිංගික අපයෝජන නඩුවක වින්දිතයකු පිළිබඳ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත යුතු බව සමාජ ක්‍රියාකාරිනියක සහ හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායකගේ සොහොයුරිය වන තුෂාරා වික්‍රමනායක ප්‍රකාශ කරයි.
ඇය සඳහන් කරන්නේ සර්ව ජන බලය පක්ෂයේ සාමාජිකයකුද වන අමුණුගමගේ එම නින්දිත ප්‍රකාශය තරයේ හෙළාදකින බවයි.
බලපෑමට ලක් වූ කාන්තාවන්ට මෙවැනි අපහාසාත්මක ප්‍රකාශ සිදුකරන ආකාරය අතීතයේදී ද දක්නට ලැබුණු බව ඇය සඳහන් කරයි.
ඇය පවසන්නේ අමුණුගමගේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් ‘ළමා හිංසනයට තිත’ සංවිධානයේ සභාපති ලෙස තමන් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් ගොනු කළ බවයි.
වින්දිත දැරියට අමුණුගම විසින් සිදුකර තිබෙන බලපෑම අනූව ඔහු අත්අඩංගුවට ගත යුතු බව ඇය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart