August 17, 2023

කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ ආසන්නයේ ගුවන් යානයක් පහතින් පියාසර කිරීම හේතුවෙන් මීගමුව සහ කටාන ප්‍රදේශවල නිවාසවලට හානි සිදුවූ බව කියන සිදුවීම පිළිබඳව සොයාබැලීමට විෂය භාර ඇමැතිවරයා විද්වත් කමිටුවක් පත් කර ඇත.

මීට පෙර මෙම සිද්ධිය විමර්ශනය කිරීමට සිවිල් ගුවන්සේවා අධිකාරිය පරීක්ෂණ කණ්ඩායමක් පත් කර ඇති බවද වරාය නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කරයි.

අධිකාරිය ලබාදුන් වාර්තාව පිළිබඳ ඇතැම් පාර්ශ්ව සෑහිමකට පත් නොවීම නිසා නැවත විද්වත් කමිටුවක් පත්කර විමර්ශනය කරන බව ඇමැතිවරයා පවසයි.

සිද්ධිය විමර්ශනය කිරීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, ආපදා කළමණාකරන දෙපාර්තමේන්තුව ඇතුළු නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් ඇමැමතිවරයා විසින් මෙලෙස පත්කර තිබේ.