
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස් විශේෂ කාර්ය බළකාය වැල්ලම්පිටියේ කළ වැටලීමකින් සංවිධානාත්මක අපරාධකරුවකු සහ ජාවාරම්කරුවකු වන සින්නයියා ගුණසේකරන් නොහොත් කිඹුලාඇළ ගුණා නමැත්තාගේ සමීපතමයකු අත්අඩංගුවට ගෙන තිබේ.
වැටළීම සිදුකර තිබුණේ වැල්ලම්පිටිය කුමාරදාස පෙදෙස ප්‍රදේශයේයි.
එහි දී දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ ජාවාරම්කරුවකු වන සින්නයියා ගුණසේකරන් නොහොත් කිඹුලාඇළ ගුණා නැමැත්තාගේ සමීපතමයකු වන වයස අවුරුදු 38ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් ද සිය භාරයට ගැනීමට අපොලිස් විශේෂ කාර්ය බළකායට හැකිවී තිබේ.
අත්අඩංගුවට ගත් එම පුද්ගලයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart