
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වීසා නොමැතිව මෙරට රැඳී සිටින චීන ජාතික කාන්තාවක සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් විභාග කිරීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනකුට සහ කාන්තා නිලධාරිනියන් දෙදෙනකුට ඊයේ (20) උදැල්ලකින් පහරදුන්නැයි එම චීන ජාතික කාන්තාව අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල, මංගල මාවතේ පදිංචිව සිටි 36 හැවිරිදි චීන ජාතික කාන්තාවක බව පොලිසිය සඳහන් කරයි.
වලංගු වීසා බලපත් නොමැතිව චීන කාන්තාවක බේරුවල මංගල පාරේ නිවසක රැඳී සිටින බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් දෙදෙනකු සහ කාන්තා නිලධාරිනියන් දෙදෙනකු එහි ගොස් ඇති අතර, එහිදී චීන කතක එක් වරම නිවසේ තිබූ උදැල්ලක් රැගෙන කලහකාරී අන්දමින් හැසිරී ඇති බව පොලිසිය පවසයි.
එහිදී ඇය පාලනය කිරීමට යෑමේදී පොලිස් නිලධාරීන් දෙදෙනා සහ කාන්තා නිලධාරිනියන් දෙදෙනා ද සුළු ප්‍රහාරයකට ලක්ව ඇති බවත්, ඔවුන් දැඩි පරිශ්‍රමයක් යොදා ඇය පාලනය කර අත්අඩංගුවට ගෙන ඇති බවත්, උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කරයි.
පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකර ඇති බවත්, සැකකාර චීන කාන්තාව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත්, පරීක්ෂණ සිදුකරන නිලධාරියෙක් පවසයි.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart