
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්‍රීඩා කරමින් සිටියදී යකඩ කුරකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලැබූ දස හැවිරිදි පිරිමි දරුවකු මීගමුව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
එකම පවුලක ඥාතීන් වන මෙම දරුවන් දෙදෙනකු ක්‍රීඩා කරමින් සිටියදී එක් දරුවකු සිදුකර ඇති පහරදීමකින් යකඩ කූරක් නළල හරහා අනෙක් දරුවාගේ සිරුරට ඇතුළුවී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
පහරදීම සිදුකළ බව කියන දොළොස් හැවිරිදි දැරිය පොලිස් භාරයට ගෙන මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ආරක්ෂාව සඳහා ළමා නිවාසයක රැඳවීමට පියවර ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටාන පොලිසිය සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart