September 4, 2026

මහනුවර, මයිලපිටිය ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සහ අධ්‍යාපනය ලබමින් සිටි 16 හැවිරිදි බාල වයස්කාර පිරිමි දරුවකුට දැඩි ලෙස වධහිංසා පමුණුවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම ළමා නිවාසයේ පාලිකාව සහ ඇයගේ සැමියා තලාතුඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත්තේ, සැකකාර අඹුසැමි යුවළ විසින් අදාළ බාල වයස්කාර දරුවාගේ රහස් ප්‍රදේශයට මිරිස් කුඩු දමා අමානුෂික ලෙස හිංසා කර ඇති බවයි.

මෙම ක්‍රියාව හේතුවෙන් බරපතල ලෙස අසනීප වී ඇති වින්දිත දරුවා මුලින්ම මාරස්සන රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහල වෙත මාරුකර යවා තිබේ.

අත්අඩංගුවට ගන්නා ලද සැකකාර අඹුසැමි යුවළ මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන 07 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තලාතුඔය පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි