July 29, 2024

පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනය කිරීම සඳහා 2025 වසරේ පළමු කාර්තුවේදී අවසර දීමට රජය අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ පවසයි.

ඒ අනුව අගෝස්තු මස සිට වාහන ආනයනය අරඹන බවත් පළමු අදියර යටතේ ව්‍යාපාරික සහ ප්‍රවාහන කටයුතු සඳහා අවශ්‍ය වාහන ආනයනය සඳහා අවසර ලබා දෙන බවත් ඔහු වැඩිදුරටත් අනාවරණ කළේය.

වාහන ආනයනය සඳහා පනවා ඇති සීමාවන් ලිහිල් කිරීම සම්බන්ධයෙන්, අගෝස්තු මාසය වන විට රජය සිය ස්ථාවරය දැනුම් දෙනු ඇති බව ඔහු සඳහන් කළේය.

මැතිවරණය ඉලක්ක කර ක්‍රියා කරමින් රට නැවත ආනයන සීමා සහිත යුගයකට ගෙනයෑමට නොහැකි බව රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ අවධාරණය කරයි.