November 28, 2025

කලාවැව පාලම මත මගීන් 70ක් සමග බස් රථයක් සිරව ඇති බව වාර්තා වේ.

ආරක්ෂක අංශ උපදෙස් නොතකා බස් රථය පාලම මතට ධාවනය කර ඇතැයි පැවැසේ.

මේ වන විට හමුදා ඛණ්ඩ දෙකක් එහි පිරිස් බේරාගැනීමේ කටයුතුවල නිරත වන බව වාර්තා සඳහන් කරයි.

ගුවන් හමුදා සහයද ඊට ලැබීමට නියමිතව තිබිණි.