
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක නයීම් හසන්, චැටග්‍රෑම් නුවරදී එරට පොලිසියේ දරුණු පහරදීමකට ලක්ව ඇති බව වාර්තා වේ.
පසුගිය සිකුරාදා රාත්‍රියේ මෙම සිදුවීම සිදුව ඇත්තේ ඩකා අගනුවර පැවැති දේශීය ක්‍රිකට් තරඟයකින් අනතුරුව ඔහු නැවත සිය නිවස බලා යමින් සිටියදීය.
ඔහු ගමන් ගත් ත්‍රිරෝද රථය ලාල්කාන් බසාර් ප්‍රදේශයේදී නවතා ඇති පොලිස් නිලධාරීන්, කිසිදු හේතුවක් නොමැතිව ඔහුට දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබේ.
“මම කවුද කියලා නැවත නැවතත් කිව්වත් ඔවුන් ඒක ඇහුවේ නැහැ. පොලිසිය මගේ බෙල්ලෙන් අල්ලා වෙනත් ත්‍රිරෝද රථයකට දමා පොලිස් ස්ථානයට රැගෙන ගියා. එහිදී පොලු සහ ප්ලාස්ටික් බටවලින් මට අමානුෂික ලෙස පහරදුන්නා,” යැයි පසුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් නයීම් පවසා ඇත.
ඔහු ජාතික මට්ටමේ ක්‍රීඩකයකු බව අවට සිටි පිරිස පැවසුවද පොලිසිය එය මායිම් කර නැත.
පසුව අනන්‍යතාව තහවුරු වීමෙන් පසු සෙනසුරාදා අලුයම ඔහු මුදාහැර තිබේ.
තමන්ට සිදුවූ මෙම අසාධාරණයට සාධාරණ පරීක්ෂණයක් පවත්වා යුක්තිය ඉටුකරන ලෙස නයීම් ඉල්ලා සිටී.
මෙම සිදුවීමත් සමඟ බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රජාව දැඩි සේ කෝපයට පත්ව ඇත.
ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින්, “නයීම්ට සිදුවූ දේ කිසිසේත්ම පිළිගත නොහැකියි. බංග්ලාදේශ පුරවැසියෙකු ලෙස මම මෙයට විරෝධය දක්වනවා,” යැයි පවසා ඇත.
බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය (BCB) ද නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා සිටී.
මේ අතර චැටග්‍රෑම් පොලිස් නියෝජ්‍ය කොමසාරිස් අමිරුල් ඉස්ලාම් ප්‍රකාශ කර ඇත්තේ, අදාළ නිලධාරීන් නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කර නොමැති බව මූලිකවම පෙනීයන බැවින්, වරදකරුවන්ට එරෙහිව දැඩි දඬුවම් පමුණුවන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart