
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේදී තමාට මුහුණ දීමට සිදුවූ අප්‍රසන්න අත්දැකීමක් ප්‍රකට බ්‍රිතාන්‍ය සංචාරකයකු විසින් සිය වීඩියෝ පටයක් මගින් ලොවට හෙළිකර තිබේ.
‘Go With Ali’ නම් සමාජ මාධ්‍ය පිටුව ඔස්සේ අලි විසින් තමන් ශ්‍රී ලංකාවේ ධීවර ගම්මානයක සිදුකළ සංචාරයක් මුදාහැර ඇත.
එම ගමනට මග පෙන්වීම සඳහා අලි සහාය ලබාගෙන තිබුණේ ධීවරයකුගෙනි.
ඔහු ගම වටේ යන ගමනේදී ධීවරයා ආධාර වශයෙන් මුදල් ඉල්ලා සිටිනු දක්නට ලැබේ.
අලි සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ විමසිලිමත් වූ අතර සෑම දෙයක්ම ඔහුගේ කැමරාවේ සටහන් කර ගෙන ඇත.
අවසානයේදී අලි ධීවරයාට රුපියල් 15,000ක් ලබා දෙන්නේ ඔහුව ගම වටා ගෙන යෑම අගය කිරීමක් ලෙසය.
කෙසේවෙතත්, ධීවරයා වැඩි මුදලක් ඉල්ලා සිටියද, අලි වැඩිපුර මුදල් ලබා දීම ප්‍රතික්ෂේප කරයි.
ධීවරයා දිගින් දිගටම ඔහුට හිරිහැර කරමින් තවත් මුදල් ඉල්ලා සිටින ආකාරයද අදාළ වීඩියෝවේ දැක්වේ.
අලි සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ කලකිරීම සටහන් කර තිබුණ ද පසුව තවත් ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු සංචාරයේ දී ඔහුට කළ යහපත අගය කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart