
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සීගිරිය ප්රදේශයේ ඉලුක්වල ගම්මානය අවට සැරිසරන වලසකුගෙන් අනතුරක් සිදුවනු ඇති බවට ප්රදේශවාසීන් බියෙන් පසුවන බව වාර්තා වේ.
වලසා විසින් කළ පහරදීම්වලින් ගම්වාසීන් දෙදෙනෙකු මේ වන විටත් බරපතළ තුවාල ලබා දඹුල්ල මූලික රෝහලේ සහ පොළොන්නරුව ජාතික රෝහලේ ප්රතිකාර ලබන බව පැවසේ.
ඔවුන්ගෙන් එක් අයකු වන දඹුල්ල මූලික රෝහලේ ප්රතිකාර ලබන ඩබ්ලිව්.ජී. රණසිංහ (54) පැවසුවේ පඳුරක් පිටුපස සැඟවී සිටි වලසා තමා වෙතට කඩා වැදී කලහකාරී ලෙස තුවාල කළ බවයි.
පසුව වලසා මඳක් ඈතින් තම හේන් වගාව බලා සිටි ගොවියකු දෙසට පැන ඔහුට ද තුවාල සිදුකර ඇත.
තුවාල ලැබූ කුමාර රත්නායක (48) නමැති ගොවියා වහාම සීගිරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බරපතළ තත්ත්වයෙන් පොළොන්නරුව ජාතික රෝහලට මාරුකර යවා ඇත.
ප්රදේශවාසීන් පැවසුවේ දිවා කාලයේ වලසකු එම ප්රදේශය පැමිණ මිනිසුන්ට තුවාල සිදු කරන ආකාරය වසර 70කට පමණ පසු තමන් දුටු පළමු අවස්ථාව මෙය බවයි.
හෝටලයක ඇති දැඩි කරන ලද වලසකු මෙලෙස ගම් වදින්නට ඇති බවට ද සැකයක් මතුව ඇත.
කෙසේවෙතත් ගිරිතලේ වනජීවී දෙපාර්තමේන්තු කාර්යාලයේ වනජීවී නිලධාරීන් කණ්ඩායමක් ගම්වාසීන්ට ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන තිබේ.
ඔවුන් කියා සිටියේ වලසා හමු වුවහොත් නිර්වින්දනය කර මිනිස් වාසස්ථානවලින් බැහැර රක්ෂිතයකට මුදාහරින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart