
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වතුපිටිවල මූලික රෝහල අසල නවතා තිබූ ත්රිරෝද රථයක ආරක්ෂක පෙට්ටියක් මහ දවල් කඩා, එහි තිබූ බැංකු කාඩ්පතක් සොරාගෙන ගොස් නිට්ටඹුව නගරයේ මත්පැන් අලෙවි හලකින් අරක්කු බෝතල් තුනක් මිලදීගත් සොරකු ඊයේ (07) උදෑසන අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය පවසයි.
මේ පිළිබඳව ලද පැමිණිල්ලකට ලද තොරතුරකට සැකකටයුතු පුද්ගලයකු අත් අඩංගුවට ගෙන ප්රශ්න කිරීමේදී, ඔහු විසින් ත්රිරෝද රථයේ ආරක්ෂක පෙට්ටියක් කඩා එහි තිබූ බැංකු කාඩ්පතක් සොරාගෙන ගොස් නිට්ටඹුව නගරයේ මත්පැන් අලෙවි හලකින් අරක්කු බෝතල් තුනක් ලබාගත් බවට හෙළිකර ඇත.
ඒ අනුව, වැඩිදුරටත් පරීක්ෂණ පවත්වා සොරාගෙන ගොස් තිබූ බැංකු කාඩ්පත හා එයින් ලබාගෙන තිබූ අරක්කු බෝතල් තුනද සොයාගත් බවද පොලිසිය සඳහන් කරයි.
මොහු කෑගල්ල ප්රදේශයේ පදිංචි විසිහය හැවිරිදි විවාහකයකු බවද පරීක්ෂණවලදී හෙළි වී ඇත.
මොහු තවත් මෙවැනි සොරකම් සිදුකොට ඇති බවට සැකකෙරෙන හෙයින්, ඒ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන බවද පොලිසිය වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart