
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තම මිත්තණිය හමුවීමට යමින් සිටි 06 හැවිරිදි පිරිමි ළමයෙකු Spirit Airline කාර්ය මණ්ඩලය විසින් වැරදි ගුවන් යානයක දමා ඇත.
පළමු වරට පියාසර කරන මෙම පිරිමි ළමයා ෆ්ලොරිඩාවේදී ඔහුගේ මිත්තණිය හමුවීමට නියමිතව තිබිණි.
WINK-TV වෙත අදහස් දක්වමින් මිත්තණිය පවසා ඇත්තේ, “මම ගුවන් යානය තුළට ගුවන් සේවිකාව වෙත දිව ගිය අතර මම ඇගෙන් ඇසුවෙමි, ‘මගේ මුනුපුරා කොහෙද? ෆිලඩෙල්ෆියාවේදී ඔහුව ඔබට භාර දුන්නාද?’ ඇය කිව්වා, ‘නැහැ, මට මාත් එක්ක ළමයි හිටියේ නැහැ.”
ගුවන් සමාගමෙන් තොරතුරක් නොලැබීම ගැන ඇය කෝපය පළකර ඇත.
“මට ඔවුන් මට කතා කිරීමට අවශ්යයිමගේ මුනුපුරාට ඔර්ලන්ඩෝ හි සිදුවුණේ කුමක්දැයි මට දන්වන්න,” ඇය සඳහන් කරයි.
කෙසේවෙතත් ගමනාන්තයේ සිට සැතපුම් 160ක් දුරින් පිහිටි ඔර්ලන්ඩෝ වෙත මුණුබුරා පැමිණි බව ඇයට දන්වා යැවීමට ගොඩබෑමෙන් පසු කටයුතු කර ඇත.
වරදට සමාව අයැද සිටි ගුවන් සමාගම පවසා ඇත්තේ, “දරුවා සැමවිටම Spirit Team Member කෙනෙකුගේ රැකවරණය සහ අධීක්ෂණය යටතේ සිටි බවයි.
දෝෂය සොයාගත් විගසම පවුලේ අය සමඟ සන්නිවේදනය කර ඔවුන්ව නැවත සම්බන්ධ කිරීමට ඉක්මන් පියවර ගත් බවද ගුවන් සමගම පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart