
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
භින්නෝන්මාද රෝගියකු වන 26 හැවිරිදි තරුණයකු ගිලදමා තිබූ කාසි 39ක් සහ චුම්බක 37ක් සාර්ථකව ඉවත් කිරීමට ඉන්දියාවේ ශ්‍රීමත් ගංගාරාම් රෝහලේ වෛද්‍යවරුන් සමත් වී තිබේ.
ශරීරයේ මස්පිඩු ගොඩනැගීමට උපකාර වනු ඇතැයි උපකල්පනය කරමින් ඔහු ඒවා ගිල දමා ඇතැයි වාර්තා වේ.
වෛද්‍යවරුන් පවසන පරිදි ඔහු මේ වනවිට සුවයෙන් පසුවේ.
ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය තරුන් මිට්ටල් සඳහන් කර ඇත්තේ, රුපියල් 1, 2 සහ 5 යන වටිනාකමින් යුත් කාසි 39ක් සහ හදවත, ගෝලය, තරුව, උණ්ඩ සහ ත්‍රිකෝණය යන විවිධ හැඩයන්ගෙන් යුත් චුම්බක 37ක් සැත්කමේදී ඉවත්කළ බවයි.
ඒවා ගිලින ලද්දේ මන්දැයි ඇසූ විට රෝගියා වෛද්‍යවරයාට පවසා ඇත්තේ, කාසිවල ඇති සින්ක් ශරීරය ගොඩනැගීමට උපකාරී වන බවයි.
වෛද්‍යවරුන් පවසන පරිදි, රෝගියා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට පැමිණ ඇත්තේ, දින 20 කට වැඩි කාලයක් තිස්සේ පවතින වමනය සහ උදරයේ වේදනාව පිළිබඳ පවසමිනි.
එමෙන්ම පසුගිය දින 20-22 තුළ ඔහු කාසි සහ චුම්බක ගිලදැමූ බව ඔහුගේ ඥාතීන් වෛද්‍යවරුන්ට පවසා ඇත.
පැය දෙකකට ආසන්න කාලයක් සිදුකළ ශල්‍යකර්මය වෛද්‍ය මිට්ටල් ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදුකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart