
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සියඹලාණ්ඩුවේ පිහිටුවන මෙගාවොට් 100ක සූර්යබල ව්‍යාපෘතියකින් විදුලිය මිලදී ගැනීම සඳහා රිවිධනවි (පෞද්ගලික) සමාගම සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර අද ගිවිසුම අත්සන් තබා තිබේ.
මෙම ව්‍යාපෘතිය 2022 සැප්තැම්බර් මාසයේදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කරන ලද්දකි.
2023 වසරේදී එය ඇගයීමට ලක්කර 2023 වසර අවසානයේ අඩුම සහ සාර්ථක ලංසුකරුට එය පිරිනැමීමට කටයුතු කර තිබිණි.
රිවිධනවි (පෞද්ගලික) සමාගම යනු ලක්දනවි (පෞද්ගලික) සමාගම, Windforce PLC සහ සිංගප්පූරුවේ The Blue Circle PTE Ltd of Singapore යන කොටස් හිමියන්ගේ එකමුතුවකි.
එහි ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 132ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart