August 26, 2025

පළාත් පාලන ආයතන වලට අවශ්‍ය බර වාහන අලුතින් මිලදි ගැනිමට රජය තීරණය කර තිබේ.

ග්‍රාමිය සංවර්ධනය සදහා අවශ්‍ය බැකෝ වැනි යන්ත්‍ර එලෙස අලුතින් මිලදි ගන්නා බව රාජ්‍ය පරිපාලන ,පළාත් සභා හා පලාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න සඳහන් කරයි.

ඇතැම් පළාත් පාලන ආයතන සතුව එවැනි යන්ත්‍ර නොමැති බව අමාත්‍යවරයා පවසයි.

දැනට ඇති ඇතැම් පළාත් පාලන ආයතන සතු යන්ත්‍ර කල්ඉකුත් වී ඇති බවත්,මිලදි ගෙන ඇති ඇතැම් යන්ත්‍ර ප්‍රමිතියෙන් තොර ඒවා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.