
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ කොළඹ රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවගේ මැදිහත්වීම අපේක්ෂා කරමින් ඒ සඳහා කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරළ, හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන ඇතුළු විපක්ෂයේ නියෝජිත පිරිසක් රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මේ වන විටත් මෙරට සිටින අමෙරිකාව, චීනය සහ ඉන්දියාව යන රටවල රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානීන් දැනුවත් කර තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කර අනතුරුව රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ ජාතිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රනිල් වික්‍රමසිංහ අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
‘සුළු චෝදනා’ යටතේ රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි බලපෑමක් එල්ල කරන ක්‍රියාවක් ලෙස විපක්ෂය පෙන්වාදෙයි.
ඉන්දියාවේ කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂී තරූර් ද මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කළ අතර පළිගැනීමේ දේශපාලනය අත්හරින ලෙසත් හිටපු ජනාධිපතිවරයාට ගෞරවයෙන් සලකන ලෙසත් රජයෙන් ඉල්ලා සිටියේය.
X වෙබ් අඩවියේ සටහනක් තබමින් තරූර් ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහට එරෙහිව එල්ල වී ඇති චෝදනා සුළුපටු නොවන බවයි.
කෙසේවෙතත් අත්අඩංගුවට ගැනීමෙන් ටික වේලාවකට පසු රෝහල්ගත කළ හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඔහු කනස්සල්ල පළකළේය.
මේ අතර ශ්‍රී ලංකාවේ හිටපු නෝර්වීජියානු සාම නියෝජිත එරික් සෝල්හයිම් ද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සහ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කනස්සල්ල පළකරමින් හිටපු ජනාධිපතිවරයා වහා නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේය.
ඔහු එහිදී රනිල් වික්‍රමසිංහ හඳුන්වනු ලැබුවේ 2022 ආර්ථික හා දේශපාලන අර්බුදය තුළ ශ්‍රී ලංකාව බේරාගැනීමට නැගී සිටි නායකයා ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart