
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කිසි විටෙකත් සාමය කඩවන අකාරයෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසත්, එවැන්නකට කිසිඳු ලෙසකින් අනුබල නොදෙන ලෙසත් එක්සත් ජාතික පක්ෂය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරයි.
අධිකරණය කෙරෙහි පුර්ණ විස්වාසයකින් යුතුව කටයුතු කරන ලෙස පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.
රනිල් වික්‍රමසිංහ යනු හයවරක් අගමැතිවරයෙක් ලෙසත්, ඉතාම තීරණාත්මක මොහොතක රටේ ජනාධිපතිධූරය භාර ගෙන රට සංසිඳවීමකට ලක්කළ නායකයෙකු ලෙසත්, පක්ෂ භේදයකින් තොරව කවුරුන් තුළත් ගෞරවයක් සහ පිළිගැනීමක් ඇති නායකයෙකු බව රහසක් නෙවේ යැයි එම නිවේදනයෙන් එක්සත් ජාතික පක්ෂය පවසයි.
එහි සඳහන් වන්නේ, තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථයන් වෙනුවෙන් කිසිවිටෙක ඔහු කටයුතු කර නැති අතර ඔහු හැම විටෙකම මේ රට පවතින තත්ත්වයට වඩා යහපත් තැනකට ඔසවා තැබීමට දිවිහිමියෙන් ඇපකැප වී ඇති බවයි.
දරුණුතම ආර්ථික අර්බුදයෙන් රට භාරගෙන රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කරන ලද කාලෝචිත ප්‍රතිපත්ති හේතුවෙන් අද රට මේ තත්ත්වයේ තිබෙන බව සිහිපත් කරන එක්සත් ජාතික පක්ෂය අද බන්ධනාගාරගතව සිටින්නේ රට තිරණාත්මක මොහොතේ බේරාගත් නායකයා බවද එජාපය පවසයි.
රනිල් වික්‍රමසිංහ යනු විමර්ශන කටයුතුවලට නිරන්තරයෙන්ම සහාය දුන් සහ අධිකරණයට ගරුකළ චරිතයක් ලෙස ඔහු පිළිබඳව කා තුළත් ගෞරවණීය විශ්වාසයක් ඇතැයිද එක්සත් ජාතික පක්ෂය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart