
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් රජයේ රෝහල් 20කට උසස් වෛද්‍ය තාක්ෂණයෙන් සමන්විත නව ගිලන්රථ 20ක් ප්‍රදානය කර තිබේ.
මිලියන 25.7 ක වටිනාකමින් යුතු මෙම සෑම ගිලන් රථයක්ම ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය අනුග්‍රහය ඇතිව සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ලබා දී ඇත.
මෙම ගිලන් රථ බෙදාහැරීමේ අරමුණ වී ඇත්තේ හදිසි ප්‍රතිචාර සේවා වැඩිදියුණු කිරීම සහ රෝගීන් ප්‍රවාහනයේදී වඩාත් ඵලදායී සත්කාර සහතික කිරීමයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ගිලන්රථවල ඇතැම් ප්‍රතිකාර ලබාදීමට ඉඩ සලසන විශේෂාංග ඇතුළත් වේ.
පොළොන්නරුව, මඩකලපුව, බදුල්ල සහ අනුරාධපුර ශික්ෂණ රෝහල්, ඇඹිලිපිටිය, නාවලපිටිය, මාතලේ, මීගමුව, ත්‍රිකුණාමලය, නුවරඑළිය, හලාවත, මොනරාගල, දඹුල්ල සහ හොරණ යන දිස්ත්‍රික් මහරෝහල් සහ පොතුවිල්, කන්තලේ, අක්කරපත්තුව, දෙහිඅත්තකණ්ඩිය, අම්පාර සහ සීගිරිය යන මූලික රෝහල් සඳහා මෙලෙස ගිලන් රථ ප්‍රදානය කර ඇත.
එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ රජයේ අරමුදල්වලින් සහ විදේශ ආධාර ඇතිව, අවශ්‍යතා මත පදනම්ව, අමතර ගිලන්රථ අදියර වශයෙන් ලබාදීමට රජය කටයුතු කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart