
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අධිකරණයට සහ අධිකරණ නිලධාරීන්ට එරෙහිව සමාජ මාධ්‍යවල පළවන අපහාසාත්මක, තර්ජනාත්මක සහ අධිකරණයට අපහාස කිරීමේ අන්තර්ගතයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් හා නීතිමය ක්‍රියාමාර්ග ඉල්ලා නලීන් සම්පත් කුමාර නමැති නීතීඥයකු විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.
එහි දැක්වෙන්නේ ඉකුත් 22 වැනි දින රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමෙන් සහ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු බොහෝදෙනා සමාජ මාධ්‍යවල අපහාසාත්මක ප්‍රචාර පල කළ අතර විවිධ මත ද ප්‍රචාරය වූ බවයි.
එමෙන්ම දයාසිරි ජයසේකර විසින් කරන ලද ප්‍රකාශයක් මගින් මහජනතාව තුළ එම සිදුවීම “පැලවත්ත මෙහෙයුමක්” ලෙස සාකච්ඡා කිරීමට උසිගැන්වීමක් සිදුව ඇති බව පෙනෙන්නට ඇතැයිද ද එම ලිපියේ සඳහන් කර තිබේ.
එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයින් තිදෙනෙකු මේ සම්බන්ධයෙන් තබා තිබූ සටහන් උපුටා දක්වමින් එම නීතීඥයා සිය ලිපිය මගින් පොලිස්පතිවරයා වෙත පවසා ඇත්තේ මෙම පළකිරීම්වල බරපතල චෝදනා පවතින බවයි.
එබැවින් එම අපහාසාත්මක පළ කිරීම් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකාවලින් වහා ඉවත්කිරීමටත් ඒවා තවදුරටත් ප්‍රචාරය වීම වැළැක්වීමටත් බලධාරීන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටින බව ද අදාළ ලිපියේ සඳහන් වේ.
ඒ අනුව සිය පැමිණිල්ල භාරගන්නා ලෙසත්, මේ පිළිබඳ විමර්ශනය කර ඊට අදාළ පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් නීතිය හමුවට පමුණුවාලීමට පියවර ගන්නා ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart