August 25, 2025

”අගමැතිනි හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්” මැයෙන් හිරු මාධ්‍ය ජාලය පළ කර තිබූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමට අග්‍රාමාත්‍ය කාර්යාලය අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබේ.

එමෙන්ම එහි දැක්වෙන්නේ හිරු මාධ්‍ය ජාලය විසින් පළ කර තිබූ එම ප්‍රවෘත්තිය සාවද්‍ය බවයි.

අගමැතිනි හරිනි අමරසූරිය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බැලීමට රෝහලට පැමිණි බවට හිරු ප්‍රවෘත්ති මගින් විකාශය කළ ප්‍රවෘත්තිය අග්‍රාමාත්‍ය කාර්යාලය ද ප්‍රතික්ෂේප කර තිබේ.

පැහැදිලි කිරීමක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් ප්‍රකාශ කළේ එම වාර්තාව සාවද්‍ය බවයි.