
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව නඩු පැවරීම සඳහා අධිචෝදනා පත්‍ර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සකස් කරමින් පවතින බව වාර්තා වේ.
2015 දී පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී ටෙන්ඩරයක් සඳහා මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති බවට වාර්තා විය.
රුපියල් මිලියන අටක් අයථා පරිහරණය සම්බන්ධයෙන් අමාත්‍යවරයාට සහ තවත් දෙදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පැවරීමට නියමිතය.
එම කාලය තුළ ජයකොඩි අදාළ ටෙන්ඩරය ප්රදානය කළ ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත.
ගෙවීම් සිදු කර ඇති ආකාරය සහ බැඳුම්කරය තැන්පත් කර ඇති ආකාරය පිළිබඳ පැමිණිලි ලැබීමෙන් පසු අදාළ ටෙන්ඩරය පිළිබඳ පරීක්ෂණ ආරම්භ විය.
(The Sunday Times)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart