
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කළුතර උතුර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර සිල්වා විශේෂ මෙහෙයුම් රාජකාරියක යෙදීසිටියදී වෑන් රථයක ගැටීමෙන් තුවාල ලබා තිබේ.
කළුතර උතුර පොලිසියට අනුව, ඊයේ (22) රාත්‍රියේ පානදුර සිට කළුතර දෙසට ගමන් කරමින් සිටියදී, වස්කඩුව වාඩියමංකඩ ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.
තුවාල ලැබූ නිලධාරියා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත.
අනතුරට සම්බන්ධ වෑන් රථය අත්අඩංගුවට ගෙන ඇති බවත්, එහි රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart