
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු ඊයේ (22) රාත්‍රියේ දේශපාලනඥයන් කිහිප දෙනෙකු මැගසින් නව රක්ෂිත බන්ධනාගාරයට පැමිණ තිබිණි.
හිටපු අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක සහ ප්‍රසන්න රණතුංග මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් ඇතුළු ආධාරකරුවන් පිරිසක් බන්ධනාගාරයට පැමිණ සිටියහ.
කෙසේවෙතත්, ඔවුන්ට ඇතුළුවීමට අවසර නොලැබුණු අතර පසුව ඔවුන්ට පිටත රැඳී සිටීමට සිදුවිය.
රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු ජනාධිපති වික්‍රමසිංහ වෛද්‍ය උපදෙස් මත ඊයේ (22) රාත්‍රියේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලදී.
අධි රුධිර පීඩනය සහ සීනි මට්ටම ඉහළ යෑම හේතුවෙන් ඔහු රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා විය.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද හිටපු ජනාධිපති වික්‍රමසිංහ අගෝස්තු 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න විසින් ඉදිරිපත් කරන ලද කරුණු සළකා බැලීමෙන් පසු කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙම නියෝගය නිකුත් කළාය.
හිටපු විධායක ජනාධිපතිවරයකු අත්අඩංගුවට ගත් මෙරට ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වේ.
පරීක්ෂණයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට පැමිණි වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම විමර්ශනය පැවැත්වුණේ හිටපු ජනාධිපති වික්‍රමසිංහ තම බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා ලන්ඩනයට ගිය පෞද්ගලික විදේශ සංචාරයකට රජයේ අරමුදල් භාවිත කළ බවට වන චෝදනාවකට අදාළවය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජුනි 24 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මේ සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් කළේය.
විමර්ශනයට අදාළව වික්‍රමසිංහගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන අයගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart