August 23, 2025

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පෙරවරුවේ පැමිණ තිබේ.

හිටපු ජනාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු ඊයේ (22) රාත්‍රියේ ද දේශපාලනඥයන් කිහිප දෙනෙකු මැගසින් නව රක්ෂිත බන්ධනාගාරයට පැමිණ තිබිණි.

හිටපු අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක සහ ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් ඇතුළු ආධාරකරුවන් පිරිසක් ඒ අතර වුහ.

කෙසේවෙතත්, ඔවුන්ට බන්ධනාගාරයට ඇතුළුවීමට අවසර ලැබුණේ නැත.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති වික්‍රමසිංහ වෛද්‍ය උපදෙස් මත ඊයේ (22) රාත්‍රියේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලදී.