
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ සහ මහනුවර ඇතුළු නගර කිහිපයක වායුවේ ගුණාත්මක බව සැළකිව යුතු ලෙස පහත වැටී ඇති බව වාර්තා වී ඇති බවත්, වාහන විමෝචනය ඊට ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන ඇති බවත් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍ය රත්නායක ඊයේ පෙන්වා දුන්නේ පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීමට අපොහොසත් වීම ද මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.
“වාහන විමෝචන පරීක්ෂණ පැවැත්වීම අත්‍යවශ්‍යයි. මෙම පරීක්ෂණ පවත්වන ආයතන විසින් වැරදි ක්‍රියා සිදුකළ හැකිය. නමුත් මේ සඳහා අරමුදල් වෙන් කිරීම සහ විමෝචන පරීක්ෂණ පැවැත්වීමේ වැඩසටහන් මේ නිසා වැරදියැයි සැළකිව නොහැකියි,” යනුවෙන් ඔහු පැවසීය.
රජය දැනට හදිසි විමෝචන පරීක්ෂණ සිදු කරමින් සිටින බවත්, වායු ගුණාත්මකභාවය නිරීක්ෂණය කරමින් සිටින බවත් ප්‍රවාහන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ගණනය දැක්වෙන පද්ධතියක් නොමැතිකම හේතුවෙන් වර්ණ සංඥාවලදී වාහන විමෝචනය ඉහළ මට්ටමක පවතින බව නිරීක්ෂණය වී ඇතැයි ද ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය.
“ලයිට් එක වැටෙනකන් බලා ඉන්න අතරතුර යතුරුපැදි ඇතුළු වාහන රේස් කරන බව අපි නිරීක්ෂණය කර තිබෙනවා. මෙය වාතයේ ගුණාත්මක භාවයට බලපානවා. ගැටලුව විසඳීම සඳහා කොළඹ වර්ණ සංඥාවලට ටයිමර් සවි කරන්න අපි රජයෙන් අරමුදල් ඉල්ලා සිටිනවා ,” ඔහු පැවසීය.
නිසි රෙගුලාසි නොමැතිකම හේතුවෙන්, දැනට අක්‍රමික ක්‍රම හරහා වාහන විමෝචන පරීක්ෂණ බලපත්‍රය ලබා ගත හැකි බව ප්‍රවාහන අමාත්‍යවරයා පිළිගත්තේය.
විමෝචන පරීක්ෂණ හසුරුවන සමාගම සමඟ ඇතිකරගත් ගිවිසුම 2026 දෙසැම්බර් මාසයේදී අවසන් වන බවත්, ඉන්පසුව පද්ධතිය වැඩිදියුණු කිරීමට සහ අක්‍රමිකතා විසඳීමට පියවර ගන්නා බවත් අමාත්‍ය බිමල් රත්නායක පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart