August 21, 2025

බණ්ඩාරගම තුන්බෝධිය පාලම අසලදී මීට ටික වේලාවකට පෙර පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කර ඇති බව පොලිසිය පැවසීය.

වාර්තාවලට අනුව, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයකු ඉලක්ක කර ගනිමින් ටී -56 ප්‍රහාරක රයිෆලයක් භාවිත කරමින් වෙඩිතැබීම සිදුකර ඇත.

ප්‍රහාරකයන්ගේ අරමුණ සහ අනන්‍යතාවයන් තවමත් තහවුරු කර නොමැති අතර, පරීක්ෂණ දිගටම කරගෙන යයි.