
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට තුළ ශක්තිමත් ආර්ථිකයක් නොමැති නම් ණය ගෙවීමේදී ගැටලු ඇතිවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
“අපි ලබාගෙන තිබෙන ණය නැවත ගෙවිය හැකි ආකාරය සොයාබැලිය යුතුයි. රජයේ ආයතන ඒ සම්බන්ධයෙන් සොයා බැලිය යුතු වෙනවා. අපේ රට බංකොලොත්වීම හේතුවෙන් ආර්ථිකය කඩාවැටුණත් මේ පිළිබදව ආණ්ඩුව ක්‍රියාමාර්ග ගතයුතු වෙනවා. දේශීය ණය ගන්නවාට වඩා විදෙස් ණය ලබාගෙන අධිවේගී මාර්ගය ඉදිකරන්න අවශ්‍යයි කියා ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ණය ගත් පසුව එය ගෙවන්න පුළුවන් තත්ත්වය සොයා බැලියයුතු වෙනවා.
2028 වසරේ අප්‍රේල් සිට රජය විසින් ණය ගෙවිය යුතු වෙනවා. ඒ සඳහා හොඳ ආර්ථිකයක් තිබිය යුතුයි. රුපියල් බිලියන 1,410ක මුදලක් මේ වනවිට අච්චු ගසා තිබෙනවා” යැයි ද ඔහු පැවසීය.
රජයකට මුදල් මුද්‍රණය කිරීම අත්‍යවශ්‍ය වුව ද එය කළ යුත්තේ වත්කමක් සමග බවත්, ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ විට රජය මුදල් මුද්‍රණය කළේ නැතැයි පවසන බවත්, එය එසේ නොව රජය මුදල් මුද්‍රණය කර ඇතැයි පාර්මේන්තු මන්ත්‍රී රවි කරුණානායක පැවසීය.
ඔහු මෙම අදහස් පළ කළේ රජය මුදල් මුද්‍රණය කළ බව හෙළිදරව් වූ පසු ඒ සම්බන්ධයෙන් පාර්මේන්තුවේ පැවති විවාදයේ දී ය.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු ඉදිරිපත් කළ මන්ත්‍රිවරයා, මේ රජය 2024 වසරේ ඔක්තෝබර් මාසයේ සිට 2025 වසරේ අගෝස්තු දක්වා මුද්‍රණය කර ඇති මුදල් ප්‍රමාණය පාර්ලිමේන්තුවට හමුවට ඉදිරිපත් කළේ ය; ඒ, මතු දැක්වෙන පරිදි ය.
මුදල් මුද්‍රණය කර ඇති ආකාරය රුපියල් බිලියනවලින් පහත පරිදි වේ;
2024
ඔක්තෝබර් 58.70
නොවැම්බර් 78.30
දෙසැම්බර් 234.80
2025
ජනවාරි 117.40
පෙබරවාරි 104.70
මාර්තු 233.90
අප්‍රේල් 154.20
මැයි 33.60
ජුනි 210.30
ජූලි 151
අගෝස්තු 51
මුද්‍රණය කරන ලද සමස්ත මුදල් ප්‍රමාණය රු.මිලියන 1,427.9
ණය ඉහළ ගොස් ඇති ප්‍රමාණය රු.ට්‍රිලියන 1050
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart