
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රත්නපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකු රෝහල ආසන්නයේ පිහිටි පෞද්ගලික රෝහලක නේවාසිකව දරු ප්‍රසූතියක් බලාපොරොත්තුව සිටි ගැබිණි කාන්තාවකගේ හදිසි ශල්‍යකර්මයකට සම්බන්ධ වීම හේතුවෙන් ඔවුන් තිදෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා මෙන් රෝහල් අධ්යක්ෂවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම්දීම නිසා, එයට එරෙහිව රත්නපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සියලු වෛද්‍යවරුන් එක්ව ඊයේ (අගෝ. 20) පෙ.ව. 8 සිට 12 දක්වා සිදුකළ සංකේත වැඩවර්ජනය හේතුවෙන් බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර අඩාල වී තිබිණි.
මෙම සංකේත වැඩවර්ජනය රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය මගින් සංවිධානය කර තිබූ අතර, මින් හදිසි ප්‍රතිකාරවලට හා නේවාසික රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතුවලට බාධා සිදුනොවුණු බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
මෙයට සම්බන්ධ වෛද්‍යවරුන් පවසා සිටියේ, හදිසි අවශ්‍යතාවකදී ජීවිතයක් බේරාගැනීම වෙනුවෙන් ලොග් සටහන යොදා ඕනෑ ම රාජකාරි වේලාවකදී පෞද්ගලික රෝහලක වුවද ප්‍රතිකාර හෝ ශල්‍යකර්ම සඳහා සහභාගි වීමට වෛද්‍යවරුන්ට හැකියාව ඇති බවයි.
ඒ වෙනුවෙන් නීතිමය බාධාවක් නැති බවද, එසේ අනවශ්‍ය ආකාරයෙන් බලපෑම් කිරීමට කටයුතු කළහොත් සංකේත වැඩවර්ජනය දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් දක්වා ගෙනයෑමට කටයුතු කරන බවයි.
මේ සම්බන්ධයෙන් රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉමේෂ් ප්රතාපසිංහගෙන් විමසීමක් කළ අතර, එහිදී වෛද්‍යවරයා පවසා සිටියේ, යම් අවස්ථාවක රෝහලේ රාජකාරි අවස්ථාවකදී වුවද හදිසි ප්‍රතිකාර කටයුත්තක් සඳහා විශේෂඥ වෛද්‍යවරයෙකුට ඒ සඳහා සහභාගී වීමට අවස්ථාවක් ඇති බවත්, ඒ සඳහා චක්‍රලේඛයක් ඇතත් එය නිසි ලෙස අනුගමනය නොකර මෙම ප්‍රතිකාර කටයුතු සඳහා සහභාගී වීම හේතුවෙන් පරීක්ෂණයක් ඉල්ලූ බව ය.
එම පරීක්ෂණය මේවන විට සිදුවන බවද මෙම තත්ත්වය වැරදි ලෙස ජනමාධ්‍යවල පළවීම හේතුවෙන් යම් අපහසුතාවක් ඇති බවද, එය නිවැරදි කිරීමට එම ජනමාධ්‍ය ආයතන කටයුතු කරන බවට පැවැසූ බවද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ඊයේ සංකේත වර්ජනයක් සිදු නොවූ බවද, වෛද්‍යවරුන් පිරිසක් නිවාඩු දමා තිබූ බවද, පැවසූ රෝහල් අධ්යක්ෂවරයා පවසා සිටියේ, මේ තත්ත්වය රෝගී ප්‍රතිකාර කටයුතුවලට එතරම් බාධාවක් නොවූ බවය.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart