August 21, 2025

මීග­මුව මහේ­ස්ත්‍රාත් අධි­ක­රණ සිර­මැ­දි­රියේ සිටි සේවා­දා­යි­කා­ව­කට ජංගම දුර­ක­ත­න­යක් භාවිත කිරී­මට ලබාදුන්නේ යැයි කියන සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් චෝදනා ලැබ සිටි තරුණ නීති­ඥ­ව­ර­ය­කුට මීග­මුව අති­රේක මහේ­ස්ත්‍රාත් දර්ශිමා ප්‍රේම­රත්න දැඩි ලෙස අව­වාද කොට ඊයේ (20) මුදා­හ­රින ලදි.

අධි­ක­රණ සිර­මැ­දි­රියේ සිටි විදෙස් සේවා­දා­ය­කයා හට වීඩියෝ දුර­ක­තන ඇම­තු­මක් ලබාගැනී­මට උත්සාහ කිරී­මේදී බන්ධ­නා­ගාර නිල­ධා­රීහු ඒ පිළි­බ­ඳව අති­රේක මහේ­ස්ත්‍රා­ත්ව­රි­යට කරුණු වාර්තා කළහ. එහිදී මහේ­ස්ත්‍රා­ත්ව­රිය එකී වරද සිදු­කළ නීති­ඥ­ව­රයා හට දැඩිව අව­වාද කොට මුදා­හැ­රි­යාය.

මෙලෙස මුදා­හ­රින ලද්දේ මීග­මුව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ සේවා­දා­ය­ක­යකු වෙනු­වෙන් පෙනීසිටි තරුණ නීති­ඥ­ව­ර­යෙකි.

මින්මතු එම නඩු­වට පෙනීසිටීම සහ එම නඩුව අව­ස්ථා­වේදී අධි­ක­ර­ණ­යට පැමි­ණීම ද තහ­නම් කර­මින් මහේ­ස්ත්‍රා­ත්ව­රිය විසින් නියෝ­ග­යක් නිකුත් කරනු ලැබු­වාය. ශ්‍රී ලංකා ගුව­න්තො­ටු­පො­ළේදී රේගු ඉති­හා­සයේ ගුව­න්තො­ටු­පො­ළ­කදී අත්අ­ඩං­ගු­වට ගත් විශා­ල­තම කුෂ් තොගය වන කිලෝ 46යි ග්‍රෑම් 60ක් සමඟ අත්අ­ඩං­ගු­වට ගත් බ්‍රිතාන්‍ය ජාතික ගුවන් සේවි­කා­වක වන 21 හැවි­රිදි චාලට් මේ ලී නම් කාන්තාව සැක­ක­රු­වකු ලෙස නම් කර ඇති නඩුව ඊයේ දින කැඳ­වනු ලැබූ අව­ස්ථා­වේදී එම සිද්ධිය මීග­මුව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ ශාලා අංක 02 තුළදී සිදු විය. නීති­ඥ­ව­රයා පැමිණ සිර­මැ­දි­රියේ සිටි සේවා­දා­යි­කාව සමඟ කතාකිරී­මට බන්ධ­නා­ගාර නිල­ධා­රී­න්ගෙන් අව­සර ඉල්ලා ඇත. ඒ පිළි­බ­ඳව අව­ධා­න­යෙන් සිටි නිල­ධා­රීන්ට දැක­ගත හැකිව ඇත්තේ එම නීති­ඥ­ව­රයා ඔහුගේ දුර­ක­ත­නය ගෙන එය ක්‍රියා­ත්මක කර කෝට් සාක්කුවේ දමා ගන්නා අයුරු” එම සිර­මැ­දි­රිය තුළ සිටින සේවා­දා­යි­කා­වට ඉතා ළංවී කතාකරන අයු­රුත්ය.

ඒ පිළි­බ­ඳව සොයා බැලී­මේදී දුර­ක­තන ඇම­තු­මක් ගන්නා බව තහ­වුරුවිමෙන් බන්ධ­නා­ගාර නිල­ධා­රීන් එම දුර­ක­ත­නය තමන් භාර­යට ගෙන නඩුව කැඳ­වනු ලැබූ අව­ස්ථා­වේදී මහේ­ස්ත්‍රා­ත්ව­රිය වෙත එය ඉදි­රි­පත් කර­මින් කරුණු වාර්තා කළේය.

එහිදී කරුණු දැක්වූ බන්ධ­නා­ගාර නිල­ධා­රි­ව­රයා මෙසේ පැව­සීය.

“ගරු මැති­නි­යනි, මේ නීති­ඥ­ව­රයා ඒ සිර­මැ­දි­රියේ ඉන්න සැක­කාර එංග­ලන්ත ජාතික කාන්තා­වට කතා කිරි­මට අවශ්‍ය බව පවසා එතැ­නට ගියා. අපි අව­ධා­න­යෙන් හිටියේ. දුර­ක­ත­නය අරන් කෝට් එකේ උඩ සාක්කුවේ දාගෙන යමක් කරන බව වැට­හුණා. අපි ක්‍රියා­ත්මක වෙලා දුර­ක­ත­නය ගත්තා. ගරු මැති­නි­යනි, මීට පෙරත් එම සැක­කා­රිය බලන්න බන්ධ­නා­ගා­ර­යට පැමිණි පුද්ග­ල­යකු බොත්ත­මක් වැනි කැම­රා­වක් මඟින් වීඩියෝ කරලා බන්ධ­නා­ගා­රය ගැන වීඩියෝ පට­යක් ලොව පුරා බෙදා­හැ­රියා. මේකත් ඒ වගේ මාධ්‍ය­යට ගියා නං අපේ රස්සා­වත් ඉව­රයි. ගරු මැති­නි­යනි මේ පිළි­බ­ඳව සුළු­වෙන් නොතකා සුදුසු ක්‍රියා­මා­ර්ග­යක් ගන්නා ලෙස ඉල්ලා සිටි­නවා.”

අන­තු­රුව එකී ජංගම දුර­ක­ත­නය මහෙ­ස්ත්‍රා­ත්ව­රිය වෙතට ඉදි­රි­පත් කළේය.

එහිදී නිද­හ­සට කරුණු දක්ව­මින් එකී නීති­ඥ­ව­රයා සඳ­හන් කළේ, ඇගේ මව අස­නී­ප­යෙන් පසු­වන නිසා ඇගේ ඉල්ලීම අනුව ඇම­තු­මක් ගෙනදුන් බවය.

එය නොදැ­නු­ම්වත්ව වූ වර­දක් බැවින් සමාව දෙන ලෙස ඔහු ඉල්ලා සිටි­යේය.

එහිදී ඊට විරු­ද්ධ­ත්වය පෑ බන්ධ­නා­ගාර නිල­ධා­රීන් අධි­ක­ර­ණ­යට පෙන්වාදුන්නේ එම සැක­කා­රි­යට දින 14කට වරක් ඇගේ රටට වීඩියෝ ඇම­තුම් ලබාගැනී­මට කට­යුතු සලසා දෙන බවයි. එසේ තිබි­යදී මේ ආකා­ර­යෙන් හැසි­රීම නීති­ඥ­ව­ර­ය­කුට සුදුසු නොවන බව බන්ධ­නා­ගාර නිල­ධා­රීහු පවසා සිටි­යහ.

එහිදී මහේ­ස්ත්‍රා­ත්ව­රිය සඳ­හන් කළේ, මේ සම්බ­න්ධ­යෙන් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කළ­හොත් තමන්ගේ නීති­ඥ­භා­වය අහෝසි විය හැකි බවත්, නීති­ඥ­ව­රුන්ට අධි­ක­ර­ණය තුළට ජංගම දුර­ක­ත­නය ගෙන එමට අව­සර දී ඇත්තේ රාජ­කාරි කට­යු­තු­ව­ලට මිසක මෙවැනි විෂ­මා­චාර ක්‍රියා­ව­ලට නොවන බවත්ය. මේ පළමු අව­ස්ථාව බැවින් ඒ සඳහා සමාව දෙන බවත් නමුත් මින් ඉදි­රි­යට මේ නඩු­වට පෙනීසිටිම තහ­නම් කරන බවත්, මෙම නඩුව අධි­ක­ර­ණය තුළ පැවැ­ත්වෙන අව­ස්ථා­වේදී අධි­ක­ර­ණ­යට නොපැ­මි­ණෙන ලෙසත් නියෝග කර­මින් දුර­ක­ත­නය ලබාදුන්නාය. එහිදී සැක­කාර එංග­ල­න්තය ජාතික කාන්තාව තව­දු­ර­ටත් සැප්තැ­ම්බර් 03 දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස මිග­මුව අති­රේක මහේ­ස්ත්‍රාත් දර්ශිමා ප්‍රේම­රත්න මහ­ත්මිය නියෝග කළාය.

මීග­මුව බන්ධ­නා­ගා­රය මඟින් මීග­මුව මහේ­ස්ත්‍රාත් අංක 02 අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මේදී අති­රේක මහේ­ස්ත්‍රා­ත්ව­රිය විසින් එම නියෝ­ගය නිකුත් කළාය. විදේ­ශීය ජාතික සැක­කා­රි­යගේ පවුලේ කිසි­වකු මෙර­ටට මෙතෙක් නොපැ­මි­ණීම සහ අධි­ක­ර­ණ­යට ඥාතීන් කිසි­වකු නොපැ­මි­ණීම විශේ­ෂ­ත්ව­යකි.

දකුණු ලන්ඩ­නයේ සිට පැමිණි 21 හැවි­රිදි මෙම විදේ­ශීය තරු­ණිය සිය ගම­න්මලු තුළ සඟවා මත්ද්‍රව්‍ය රැගෙන එමින් සිටි­යදී ඉකුත් මැයි 13 වැනිදා ශ්‍රී ලංකා රේගුව මඟින් අත්අ­ඩං­ගු­වට ගැනුණි. හිටපු ගුවන් සේවි­කා­වක වන ඇය සඳ­හන් කළේ ඇගේ ගමන් මලු­වල මත්ද්‍රව්‍ය ඇති බව දැන සිටීම ප්‍රති­ක්ෂේප කරන බවත් ඒවා කිසි­වකු එහි තැන්පත් කර ඇති බවත්ය. මේ වන විට ඇය දින 90ක අධික කාල­යක් බන්ධ­නා­ගා­ර­ග­තව සිටි­න්නීය.

ඇය වෙනු­වෙන් පෙනී සිටින නීති­ඥ­ව­රයා සඳ­හන් කළේ ඇය වෙනු­වෙන් ඇප අයැදු­ම්ප­තක් මීග­මුව මහා­ධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කර ඇති බවයි.