
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිවයින පුරා වාර්තා වන දියේ ගිලීම් සිදුවීම්වල සැළකිව යුතු වැඩිවීමක් නිරීක්ෂණය වී තිබේ.
එම නිසා මේ සම්බන්ධයෙන් විශේෂයෙන් සැළකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා පොලිසිය විනෝද චාරිකාවල නියැළෙන්නන්ගෙන් ඉල්ලා සිටී.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් මෑතකදී කළ දේශනයකදී මෙම ඉල්ලීම සිදුකළේය.
පොලිස් වාර්තාවලට අනුව, 2024 දී දියේ ගිලීම් මරණ 645ක් වාර්තා වී ඇත.
මෙයින් 135ක් කාන්තාවන් වන අතර 510ක් පිරිමින් වේ.
මෙම ප්‍රවණතාව වත්මන් වසර දක්වා අඛණ්ඩව පවතින බව පෙනේ.
අවසන් වාර්තාව සකස් කළ දිනය වන විට 2025 දී දියේ ගිලීම් හේතුවෙන් ජීවිත 257ක් අහිමි වී ඇත.
මෙම වසරේ සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ ඒ අතරින් 37ක් කාන්තාවන් වන අතර 220ක් පිරිමින් බවයි.
මේ හේතුවෙන් පුහුණු නිලධාරීන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා පොලිසියේ නාවික සහ ජීවිතාරක්ෂක අංශය සේවාවන් ලබා දීමට සූදානම්ව රට පුරා තෝරාගත් ස්ථාන ගණනාවක උපායමාර්ගිකව යොදවා ඇත.
පොලිස් ජීවිතාරක්ෂක අංශය 2025 දී දැනටමත් එහි කාර්යක්ෂමතාව පෙන්නුම් කර ඇති අතර, දේශීය සංචාරකයන් 69 දෙනෙකු සහ විදේශීය සංචාරකයන් 33 දෙනෙකු ජලය ආශ්රිත අනතුරුවලින් සාර්ථකව බේරාගෙන ඇති බව පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් පැවසීය.
පොලිස් ජීවිතාරක්ෂක අංශය ඔවුන්ගේ ආරක්ෂාව සඳහා කැපවී සිටින බවත් ආරක්ෂක පියවර ක්‍රියාත්මක කිරීමට සූදානම් බවත් ඔහු අවධාරණය කළේය.
“අපි විශේෂයෙන් මහජනතාවගෙන් පොලිස් ජීවිතාරක්ෂක අංශයේ සහාය, දායකත්වය සහ මග පෙන්වීම සැමවිටම ලබා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. ස්නානය සඳහා නුහුරු, හුරුපුරුදු නොවන හෝ හුදකලා ස්ථානවලට නොයන ලෙස අපි ඔබට මතක් කරනවා.” යනුවෙන් මහජන සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කරමින් ඔහු පැවසුවේය.
තෙහෙට්ටුව හෝ මත්වීම හේතුවෙන් ජල අනතුරු සැළකිව යුතු සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ද පොලිසිය සඳහන් කළේය.
සහකාර පොලිස් අධිකාරී වූට්ලර් මහජනතාවගෙන් ඉල්ලා සිටියේ, විනෝද ගමන ඛේදජනක ගමනක් බවට පත්වීමට ඉඩ නොදී සාර්ථකව අවසන් කරන කර ගැනීමට කටයුතු කරන ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart