August 19, 2025

දේශ­පා­ල­න­ඥ­යන් සහ ඔවුන්ගේ පවු­ල්ව­ලට සම්බන්ධ සමී­ප­ත­මයන් 100කට ආසන්න පිරි­සක් සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නීතිවිරෝධි වත්කම් විම­ර්ශන කොට්ඨා­සය පරී­ක්ෂණ ආරම්භ කර ඇත.

ඒ අතර පැවැති ආණ්ඩු­වල ඇමැ­ති­ ධුර දැරූ 26 දෙනෙක් ද සිටින බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු තොර­තුරු අනා­ව­ර­ණය කළේය.

සිය ආදා­ය­මට වඩා විශාල වශ­යෙන් දේපළ උප­යා­ගෙන ඇති බවට ඒ අයට එරෙ­හිව ලැබී ඇති පැමි­ණිලි සම්බ­න්ධ­යෙන් මෙම විම­ර්ශන සිදු කෙරේ.

මෙම දේශ­පා­ල­න­ඥ­යන්ට අයත් වාහන, ඉඩ­ක­ඩම්, මුදල්, ඉන්ධන පිර­වු­ම්හල් ඇතුළු දේපළ ඇත්තේ ඔවුන්ගේ සමී­ප­ත­මයන්ගේ නම්ව­ලින් බව ද එම පැමි­ණි­ලි­වල සඳ­හන්ව ඇති බව පොලිස් තොර­තුරු අනා­ව­ර­ණය කළේය.

ඇතැම් දේශ­පා­ල­න­ඥ­යන් දේශ­පා­ල­න­යට පිවි­සෙන විට ඉන්න හිටි­න්නට හරි­හ­මන් ස්ථාන­යක් පවා තිබී නැති බව විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් ඇත.

එහෙත් දේශ­පා­ල­න­යට පිවිස වසර 05ක් 10ක් තුළ ප්‍රකෝ­ටි­ප­ති­යන්ව ඇත්තේ ඔවුන් නීත්‍ය­නු­කූ­ලව උප­යා­ගන්නා ආදා­ය­මට වඩා වත්කම් උපයා ගනි­මින් බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැවැ­සීය.

සිය ආදා­ය­මට වඩා වත්කම් උපයා ගැනීම් සම්බ­න්ධ­යෙන් නීති විරෝධී වත්කම් විම­ර්ශන කොට්ඨා­සය 1500කට ආසන්න පිරි­සක් සම්බ­න්ධ­යෙන් මේ වන විට විම­ර්ශන පව­ත්වනු ලබයි.

දේශ­පා­ල­න­ඥ­යන් මෙන්ම පොලී­සියේ හා හමු­දා­වල ඉහළ තන­තුරු දරන පුද්ග­ල­යෝ ද ඒ අතර සිටිති.

ඇතැම් ආර­ක්ෂක අංශයේ ඉහළ නිල­ධා­රීන් පොලි­සි­යට එක්වූ දා සිට සිය වැටුප මෙන්ම නීත්‍ය­නු­කූ­ලව ලැබෙන ත්‍යාග විය­දම් නොකර ඉතිරි කර­ග­ත්තද එම මුද­ලින් උපයාගැනී­මට නොහැකි තරමේ වත්කම් උප­යා­ගෙන ඇති බව ද එම උසස් පොලිස් නිල­ධා­රියා සඳ­හන් කළේය.

ඇතැම් පොලිස් නිල­ධා­රීන්ට මාලිගා වැනි නිවාස, හෝටල්, අක්කර ගණ­නින් වතු­පිටි, සුඛෝ­ප­භෝගී වාහන ද ඇති බව සඳ­හන්ය.

ඇතැම් ආර­ක්ෂක අංශ නිල­ධා­රීන් සිය පවුල් පිටින් නිවාඩු ගත­කි­රී­මට යුරෝ­පීය රට­වල සංචා­ර­ය­න්වල නිරත වන බවත් එවැනි සංචා­ර­යක් ඔවුන් ලබන වැටු­පෙන් කිසි­සේත් කළ නොහැකි බව ද එම නිල­ධා­රියා කීය.

නීතිවිරෝධි වත්කම් විම­ර්ශන කොට්ඨා­සය විසින් පැමි­ණි­ල්ලක් ලැබුණු පම­ණින් පුද්ග­ල­යන් කැඳවා ඒ සම්බ­න්ධ­යෙන් ප්‍රශ්න නොක­රන බව ද එම නිල­ධා­රියා කීය.

මුලින්ම බුද්ධි අංශ මඟින් තොර­තුරු රැස්කර බැංකු, දුර­ක­තන වාර්තා, විදෙස් සංචාර තොර­තුරු ආදී තොර­තුරු විශාල ප්‍රමා­ණ­යක් රැස්කර ගැනී­මෙන් අන­තු­රුව ප්‍රශ්න කිරීම් සිදු­වන බව ද එම නිල­ධා­රියා කීය.

මෙහි දී විම­ර්ශ­න­යට ලක්වන පුද්ග­ල­යාගේ සමී­ප­ත­යන් සතුව ඇති වත්කම් ගැනද සොයා බැලී­මක් කරන බව ද ඔහු වැඩි­දු­ර­ටත් පැවැ­සීය.

හිටපු ජන­පති රනිල් වික්‍ර­ම­සිංහගේ කාර්ය මණ්ඩල ප්‍රධා­නියා මෙන්ම හිටපු ඇමැ­ති­ව­ර­යෙක්ද වන සාගල රත්නා­යක, හිටපු අමා­ත්‍ය­ව­ර­යෙක් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සභා­පති වජිර අබේ­ව­ර්ධන, හිටපු අමා­ත්‍ය­ව­ර­යෙක් වන පිය­සේන ගමගේ, හිටපු ආණ්ඩු­කා­ර­ව­ර­යෙක්, මහඇමැ­ති­ව­ර­යෙක්ද වන මහී­පාල හේරත් මහ­ත්ව­රු­න්ගෙන් මේ වන විට නීතිවිරෝධි වත්කම් විම­ර්ශන කොට්ඨා­සයේ නිල­ධා­රීන් විසින් ප්‍රශ්න කරනු ලැබිණි.

කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනූෂ නානා­ය­ක්කාරව ද හෙට (20) දිනයේ නීතිවිරෝධි වත්කම් විම­ර්ශන කොට්ඨා­සය හමු­වට කැඳවා තිබේ.

ඊට අම­ත­රව හිටපු කම්කරු රාජ්‍ය අමා­ත්‍ය­ව­ර­යෙක් වූ වඩි­වෙල් සුරේෂ් ව ද නීතිවිරෝධි වත්කම් විම­ර්ශන කොට්ඨා­සය හමු­වට කැඳවා ඇත.

විම­ර්ශ­න­යට ලක්වන දේශ­පා­ල­න­ඥ­යන්, පොලී­සියේ හා හමු­දාවේ සාමා­ජි­ක­යන් ඇතුළු පුද්ග­ල­යන් නීතිවිරෝ­ධිව යම් දේප­ළක් උප­යා­ගෙන ඇති බවට අනා­ව­ර­ණය වුව­හොත් එම දේපළ මුලින්ම තහ­නම් කිරී­ම­ටත් පසුව රාජ­ස­න්තක කිරී­ම­ටත් පිය­වර ගනු ඇත.(දිනමිණ)