
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මත්ද්‍රව්‍ය ඉල්ලා බූස්ස බන්ධනාගාරයේ රැඳවියකු ඊයේ (03) සවස සිට බන්ධනාගාරයේ ජල ටැංකිය මත නැග සිටින බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
මෙම රැඳවියා උඩවලව කොළඹගේආර තිබොල්කැටිය පදිංචිකරුවකු වන අතර, ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටියදී විනය හේතුන් මත ඊයේ දහවල් බූස්ස බන්ධනාගාරයෙ වත මාරුකර යවාඇත.
එසේ මාරුකර යවා සිටියදි මත්ද්‍රව්‍ය ඉල්ලා මෙලෙස පස්වරු 5:30 සිට බන්ධනාගාරයේ සාමාන්‍ය සිරකරු අංශයේ පිහිටි වතුර ටැංකිය මතට නැග සිටින බව පැවැසේ.
මෙම රැඳවියා අධික ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවි සිටින අයකු බවත් ඔහුට විරුද්ධව තිස්සමහාරාමය, ඇඹිලිපිටිය, මාතර, අවිස්සාවේල්ල යන අධිකරණ වල නඩු පවතින බවත් බන්ධනාගාරය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart