
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට බන්ධනාගාරගත වන රැදවියන්ගේ සෞඛ්‍ය රැකවරණය වරප්‍රසාදයක් නොව අයිතිවාසිකමක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ මෙරට බන්ධනාගාර තුළ බෝනොවන රෝග වැඩිවීමට හේතු වී ඇත්තේ ප්‍රමාණය ඉක්මවා රැදවියන් සිටීම නිසා ඇතිවන ගැටළු හේතුවෙන් උද්ගත වන මානසික ආතතීන් හා පීඩනකාරී පරිසර තත්ත්වය බවයි.
මෙරට ස්ථාපිත බන්ධනාගාර රෝහල් 24 තුළ බන්ධනාගාර නිලධාරීන්, රැදවියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන විශේෂ වෛද්‍ය සායන වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
උත්සවය වැලිකඩ බන්ධනාගාර පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී ආරම්භ වූ අතර, එම වැඩසටහන 16 වන දා දක්වා දීපව්‍යාප්තව ක්‍රියාත්මක වේ.
බන්ධනාගාර රෝහල්වලට අත්‍යවශ්‍ය වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කඩිනමින් අනුයුක්ත කිරීමට අවශ්‍ය කටයුතු කරන බවත්, බන්ධනාගාර රෝහල් තුළ හදිසි ප්‍රතිකාර ඒකක ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කර ඇති බවත්, බන්ධනාගාර රෝහල්වල කාන්තා වාට්ටුවල පවතින ගැටළු නිරාකරණයටත් කඩිනමින් කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසුවේය.
වර්තමානය වන විට මෙරට සෞඛ්‍ය අංශ මුහුණදෙන ප්‍රධාන අභියෝගය වන්නේ, බෝනොවන රෝග බව පෙන්වාදුන් අමාත්‍යවරයා පැවසුවේ, අතීතයේ සිට ශ්‍රී ලංකාව බෝවන රෝග පාලනය කරමින් ආදර්ශයක් ලබාදුන් රටක් බවයි.
මෙරට සෞඛ්‍ය පද්ධතිය සකස් වී තිබෙන්නේ බෝවන සහ බෝනොවන රෝග පාලනය කිරිමට සහ තුරන්කිරීමට බවත්, අයහපත් ආහාර රටාවන් සහ අයහපත් ජිවන රටාවන් හේතුවෙන් බෝනොවන රෝග වැඩි වී තිබෙන බව ද අමාත්‍යවරයා පැවසුවේය.
මෙරට ජනතාව අතරින් දියවැඩියා රෝගීන් සියයට 21ක් පමණක් අඛණ්ඩව රෝගය පාලනය කිරීම සඳහා ප්‍රතිකාර ලබාගන්නා බවත්, අධික රුධිර පීඩනයෙන් පෙළෙන රෝගීන්ගේ ප්‍රතිශතය සියයට 25ක් පමණ මට්ටමක පවතින බවත් අමාත්‍යවරයා මෙහි දී පෙන්වාදුන්නේය.
එමෙන්ම ඔහු පැවසුවේ රෝග පාලනයේ දී අඛණ්ඩ ප්‍රතිකාර ලබාගැනීම ඉතා වැදගත් වන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart