August 13, 2025

විදේ­ශීය ආයෝ­ජ­ක­යන්ට කංසා නීත්‍යනු­කූ­ලව වගා කිරී­මට රජය අව­සර ලබා දී ඇත්තේ වගාකරන ලද කංසා ශ්‍රී ලංකාව තුළ භාවිත නොකර සම්පූ­ර්ණ­යෙන්ම අප­න­ය­නය සඳහා පම­ණක් බවත්, කංසා ශාකයේ ඕනෑම කොට­සක් (බීජ, කොළ, මුල්) බාහිර පරි­ස­ර­යට මුදාහැරී­මෙන් තොරව විනාශ කිරී­මට නීති සහ රෙගු­ලාසි පන­ව­මින් බවත් ශ්‍රී ලංකා ආයෝ­ජන මණ්ඩ­ලය (BOI) පව­සයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතා­වට මීරි­ගම ප්‍රදේ­ශයේ අක්කර 64ක ඉඩ­මක කංසා වගාව ආරම්භ කිරී­මට නිය­මිත බවත්, ශ්‍රී ලංකාවේ පව­තින නීති සහ රෙගු­ලා­සි­ව­ලට අනු­කූ­ලව මෙම වගා­වන් දැඩි ආර­ක්ෂක පිය­වර යටතේ සිදු කළ යුතු බවත් ආයෝ­ජන මණ්ඩ­ලය කියා සිටියි.

කංසාවගා කිරීමේ ව්‍යාපෘ­තිය ශ්‍රී ලංකා ආයෝ­ජන මණ්ඩ­ලය (BOI) විසින් අධී­ක්ෂ­ණය කරනු ලබන අතර, මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය ද එයට සහාය දක්වයි.

මෙම ව්‍යාපෘ­තියේ මූලික අර­මුණ වන්නේ කංසා භාවි­ත­යෙන් ඖෂධ නිෂ්පා­ද­නය සහ පර්යේ­ෂණ සඳහා නිෂ්පා­දන අප­න­ය­නය කිරී­මයි.

මෙම ව්‍යාපෘ­තිය සඳහා ඉදි­රි­පත් කරන ලද අයැ­දු­ම්පත් 37න්, සුදු­සු­කම් සපුරා ඇති විදේ­ශීය ආයෝ­ජ­ක­යන් 7 දෙනකු තෝරා­ගෙන ඇති අතර, ඔවුන්ට මාස 6 ක මූලික කාල­යක් සඳහා තාව­කා­ලික බල­ප­ත්‍ර­යක් නිකුත් කර ඇත.

මෙම කාලය තුළ ඔවුන්ගේ ව්‍යාපෘති ක්‍රියා­ත්මක කරන ආකා­රය අනුව වගා කාලය අනා­ග­තයේ දී දීර්ඝ කිරී­මට නිය­මි­තය.

ව්‍යාපෘ­තිය ආරම්භ කිරීම සඳහා ආයෝ­ජ­ක­යකු අවම වශ­යෙන් අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 5ක මූලික ආයෝ­ජ­න­යක් කළ යුතු අතර, අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 2ක බැඳු­ම්ක­ර­යක් ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් කළ යුතුය.