
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ සිට බත්තරමුල්ල දක්වා දුම්රිය මාර්ගයක් ඉදිකිරීම සඳහා වන ව්‍යාපෘතියක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර ‘සිළුමිණ’ට පවසා ඇත.
ඒ සඳහා මූලික අධ්‍යයන කටයුතු සිදුකර ඇති බව පවසන දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා, ඒ අනුව ප්‍රධාන දුම්රිය මාර්ගයේ දෙමටගොඩ දුම්රිය ස්ථානය අසලින් හෝ කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර හෝ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අසලින් දුම්රිය මාර්ගය ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවද, වඩාත් සුදුසු දුම්රිය ස්ථානය අසලින් දුම්රිය මඟ ඉදිකිරීමට කටයුතු යොදනු ලබන බවද සඳහන් කර තිබේ.
කිලෝමීටර් 6ක් හෝ 7ක් වැනි දුරකින් යුක්ත මේ මාර්ගය සාමාන්‍ය දුම්රිය මාර්ගයක් ලෙසින් ඉදිකිරීමට කටයුතු යොදා ඇතැයිද ඔහු පවසයි.
එහි ශක්‍යතා අධ්‍යයන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 250ක මුදලක් ලැබීමට නියමිත බවද ඔහු පෙන්වාදෙයි.
මෙරට පාර්ලිමේන්තු අගනුවර වන රාජ්‍ය දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ රැසක් ඇති බත්තරමුල්ල දක්වා වන දුම්රිය මාර්ගයක් අවශ්‍ය බව කාලාන්තරයක් තිස්සේ හඳුනාගෙන තිබුණද, එවැන්නක් ඉටුව නැති බවත්, මේ දුම්රිය මාර්ගය ඔස්සේ ජනතාවට කඩිනමින් බත්තරමුල්ල දක්වා දුම්රියෙන්ම යෑමට හැකියාව ලැබෙනු ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart