
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය භාරයේ සිටියදී ඉන් පලායාමට උත්සහ කළ තිළිණ සම්පත් හෙවත් ”වලස් කටා” නැමැත්තාගේ පාදවලට සහ එක් අතකට තුවාල සිදුවී ඇතැයි වාර්තා වේ.
පොලිසිය පැවසුවේ ඔහු දැනට දින 90ක රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටින අතර බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය මගින් ප්‍රශ්න කරමින් සිටින බවයි.
ඊයේ රාත්‍රී 9.15ට පමණ සැකකරු තමාට වැසිකිළිය භාවිත කිරීමට අවශ්‍ය බව නිලධාරීන්ට දැනුම් දී ඇති අතර ඒ අනුව ඔහුගේ මාංචු ඉවත් කිරීමෙන් පසු නිලධාරීන් හතර දෙනෙකු ඔහුව ඒ සඳහා රැගෙන ගොස් තිබේ.
වැසිකිළියට යමින් සිටියදී ‘වලස් කටා’ නිලධාරීන්ට පහර දී ගොඩනැගිල්ලේ තුන්වන මහලෙන් බිමට පැන ඇති බව වාර්තා වේ.
එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ පාද දෙක කැඩී ගොස් ඇති අතර ඔහුගේ එක් අතක් වැලමිට ප්‍රදේශයෙන් කැඩී ගොස් ඇති බව පොලිසිය පවසයි.
සැකකරු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart