
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කාර්යක්ෂම ක්‍රමයක් නොමැතිකම හේතුවෙන් කවුඩුල්ල ජාතික වනෝද්‍යානය නැරඹීමට එන සංචාරකයන් අතර දිගු පෝලිම් නිර්මාණය වීතිබේ.
දීර්ඝ සති අන්ත නිවාඩුවත් සමග පසුගිය දිනවල දේශීය හා විදේශීය සංචාරකයන් විශාල පිරිසක් කවුඩුල්ල ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණ තිබේ.
අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව උද්‍යානයට ඇතුළුවීමට හැකි වන පරිදි කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙස දේශීය හා විදේශීය සංචාරකයෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
විශේෂයෙන් අගෝස්තු නිවාඩු සමයේදී නරඹන්නන්ගේ පැමිණීම සහ බොහෝ විදේශීය සංචාරකයන්ගේ පැමිණීම හේතුවෙන් උද්‍යානයේ තදබදයක් ඇති වී තිබේ.
සංචාරකයන් සහ සංචාරක මාර්ගෝපදේශකයන් චෝදනා කරන්නේ ටිකට්පත් මිලදී ගැනීම සඳහා පැය ගණනක් පෝලිම්වල රැඳී සිටීමට සිදු වන බවයි.
එමනිසා වනජීවීන් නැරඹීමට ඇති හොඳම අවස්ථාවන් සංචාරකයන්ට අහිමි වී ඇති බවට ඔවුහු චෝදනා කරති.
ටිකට්පත් නිකුත් කිරීම සඳහා සිටින සීමිත කාර්ය මණ්ඩලය නිසා තත්ත්වය තවත් උග්‍ර වී ඇත.
නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ තාක්ෂණය දියුණු යුගයක, මාර්ගගත ටිකට්පත් පද්ධති පහසුවෙන් ක්‍රියාත්මක කර ගැටළුවලට විසඳුම් ලදාදීමට හැකි බවයි.
නරඹන්නන් සඳහා කාර්යක්ෂම සේවාවන් සහතික කිරීම, එමඟින් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ සංචාරකයන්ට අපහසුතාවක් ඇති නොකර රටට වටිනා විදේශ විනිමය උපයා ගැනීම අදාළ බලධාරීන්ගේ වගකීමක් බව ඔවුහු තවදුරටත් අවධාරණය කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart