
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරටින් වාර්තාවන අලි මරණ අනතුරුදායක අනුපාතයකින් ඉහළ යමින් පවතින බව නව සංඛ්‍යාලේඛනවලින් පෙන්නුම් කර තිබේ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වසරේ දැනටම අලි ඇතුන් 44 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බවයි.
වෙඩි තැබීම් හේතුවෙන් සිදුවන අලි මරණ අවසන් වී නොමැති බව මින් පෙනී යන්නේයැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පසුගිය වසරේ දී වෙඩි තැබීම් හේතුවෙන් අලි ඇතුන් 84 දෙනෙකු මිය ගොස් තිබිණි.
එම තත්ත්වය පෙන්නුම් කළේ රටේ පවතින අලි- මිනිස් ගැටුමේ තරම සහ නීති විරෝධී දඩයම් කිරීමේ තත්ත්වයයි.
දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලට අනුව, 2024 දී විවිධ හේතූන් මත අලි ඇතුන් 248 දෙනෙකු මිය ගොස් ඇත.
විදුලි සැර වැදී 38 දෙනෙකු සහ දුම්රියවල ගැටී මිය ගිය අලින්13 දෙනෙකු ද මෙයට ඇතුළත් විය.
2024 වසර සඳහා සමස්ත අලි මරණ සංඛ්‍යාව 388කි.
පවතින තත්ත්වය හමුවේ වන අලි ගහනය ආරක්ෂා කිරීම සඳහා විශේෂ ක්‍රියාකාරී සැලැස්මක් දියත් කිරීමට පරිසර අමාත්‍යාංශය සළකා බලමින් සිටී.
කාවන්තිස්ස වැනි ප්‍රසිද්ධ අලි ඇතුන් ආරක්ෂා කිරීමට සහ අලි මරණ වැඩිවීමට හේතු සොයා බැලීම ද මෙම සැලැස්මට ඇතුළත් වේ.
දැඩි ක්‍රියාමාර්ග නොගතහොත් රටේ අලි ගහනය භයානක ලෙස පහත වැටෙනු ඇතැයි නිලධාරීන් විසින් අනතුරු අඟවා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart