
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘කණ්ඩලමේ හැඩකාරයා’ ලෙස ප්‍රකටව සිටින වන අලියාට දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට වනජීවී දෙපාර්තමේන්තුව අවසර දී තිබේ.
එම වන අලියාට මාස හතරකට වැඩි කාලයක් වනජීවී පශු වෛද්‍යවරුන් ප්‍රතිකාර ලබා දී තිබිණි.
වෙඩි වැදී තුවාල ලැබූ වන අලියා කණ්ඩලම වැවේ වැතිර සිටියේය.
ප්‍රසිද්ධ පාරම්පරික දේශීය වෛද්‍යවරයකු විසින් සපයනු ලබන දේශීය ප්‍රතිකාර සඳහා වියදම් දැරීමට ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු එකඟ වීමත සමග වන අලියාට ප්‍රතිකාර ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව ගිරිදර ප්‍රදේශයේ පදිංචි දේශීය වෛද්‍යවරයකු වන ගාමිණී කරුණාරත්න පසුගිය බ්‍රහස්පතින්දා (07) වන අලියාට ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබිණි.
ඔහු අසල වනාන්තරවලින් ඖෂධ පැළෑටි එකතු කර පශු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ අලියාගේ අත් පාවල තිබූ තුවාලවල ආලේප කිරීමට කටයුතු කර තිබිණි.
වනජීවී පශු වෛද්‍යවරුන් විසින් ලබා දෙන ලද ප්‍රතිකාර හේතුවෙන් අලියා තරමක් සුව වී සිටියත් තවමත් ජලයේ වැතිරී සිටී.
දේශීය වෛද්‍යවරයාගේ ප්‍රතිකාර ලබා දීමට කටයුතු කර ඇත්තේ එම තත්ත්වය තවත් යහපත් කර ගැනීම වෙනුවෙනි.
එම වෛද්‍යවරයා පැවසුවේ පළමුව තුවාල සඳහා ප්‍රතිකාර ලබා දෙන අතර අලියා ඊට දක්වන ප්‍රතිචාරය අනුව වෙනත් ප්‍රතිකාර ආරම්භ කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart