
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුකාර ජෙනරාල් Sam Mostyn අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දිගුකාලීන හා මිත්‍රශීලී සබඳතා නැවත තහවුරු කිරීම එහි අරමුණයි.
එහිදී අග්‍රාමාත්‍යවරිය විසින් ආණ්ඩුකාර ජෙනරාල්වරිය පිළිගත් අතර අනතුරුව ඇරඹි සාකච්ඡාවේදී විශේෂයෙන් දේශපාලනය, ආර්ථිකය සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල දෙරට අතර ශක්තිමත් සහයෝගීතාවයක් ගොඩනැගීමේ වැදගත්කම අවධාරණය කෙරිණ.
සැමට ප්‍රවේශය ලැබෙන සහ ඉහළ ගුණාත්මකභාවයකින් යුතු අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකාවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අගමැතිනිය ආණ්ඩුකාර ජෙනරාල්වරිය දැනුවත් කළාය.
ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳ ආණ්ඩුකාරවරිය මෙහිදී පැහැදිලි කළ අතර, මෙම ක්ෂේත්‍රය තුළ වඩාත් සමීපව සහ එක්ව කටයුතු කිරීමටද කැමැත්ත පළ කළාය.
ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානතාව සඳහා දෙපාර්ශවයම ඔවුන්ගේ ක්‍රියා පටිපාටිය පිළිබිඹු කරමින් දේශපාලනය තුළ කාන්තා සහභාගීත්වය සහ නායකත්වය වැඩි කිරීමේ වැදගත්කම පිළිබඳවද ඔවුන් ඵලදායී සාකච්ඡාවක නිරත විය.
ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩපිළිවෙල සඳහා ඕස්ට්‍රේලියාවේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවට සහතික වූ ආණ්ඩුකාර ජෙනරාල්වරිය, ක්ෂේත්‍ර කිහිපයක ද්විපාර්ශවික සහයෝගීතාව පුළුල් කිරීමේ හැකියාවන් පිළිබඳවද සාකච්ඡා කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart