
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරටට ඇතුළුවීමට උත්සහ කළ පිලිපීනයේ සයිබර් වංචා සමාගමක සේවය කළ බව පැවසෙන චීන ජාතිකයෙකු පිටුවහල් කර තිබේ.
සැකකාර චීන ජාතිකයා කටුනායක ගුවන්තොටුපොළෙන් මෙරටට ඇතුළ්වීමට තැත් කිරීමේදි ඔහුව හඳුනාගනිමින් ආපසු පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ.
එම චීන ජාතිකයා අද උදෑසන 9.45ට පමණ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මෙරටට ලඟා වූ එයාර් ඒෂියා ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ ඇත.
ඔහු ව්‍යාපාරික කාණ්ඩය යටතේ වීසා ලබාගෙන මෙරට ක්‍රියාත්මක සමාගමක සේවය සඳහා පැමිණෙන බව බලධාරීන් වෙත ප්‍රකාශ කර තිබුණද එහිදී තමන් දරන තනතුර පිළිබඳව පැහැදිලි තොරතුරු ලබා දීමට අපොහොසත් වී තිබේ.
ඒ අනුව අදාල චීන ජාතිකයා ගුවන් තොටුපොළ ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා මගින් එම දෙපාර්තමේන්තුවේ දේශසීමා අවේක්ෂණ ඒකකය වෙත යොමු කර ඇත.
එහිදී චීන ජාතිකයා සන්තකයේ තිබී පිලිපීන රජය විසින් නිකුත් කළ හැඳුනුම්පතක් හමුවී ඇති අතර එහි පිලිපීනයේ පැරනාකිව් ප්‍රදේශයේ පිහිටි නම් දැරූ පරිගණක වංචා මෙහෙයවන මධ්‍යස්ථානය සැකකාර චීන ජාතිකයා සේවය කර ඇති බවත් අනාවරණය වී තිබේ.
මේ වන විට එම මධ්‍යස්ථානය එරට ආරක්ෂක අංශය විසින් වටලා ඇති බව ද අනාවරණ වී ඇත.
ඒ අනුව මෙම චීන ජාතිකයා ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීම සඳහා අදාළ ගුවන් සේවය වෙත භාර දීමට කටුනායක ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart