
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු ලබා දීම වෙනුවෙන් පිරිනමන ත්‍යාගය එක්සත් ජනපදය ඩොලර් මිලියන 50 දක්වා දෙගුණ කර තිබේ.
අමෙරිකාව චෝදනා කරන්නේ ඔහු ‘ලෝකයේ විශාලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් කෙනෙකු’ බවටයි.
ඡන්ද වංචා චෝදනාවලින් වැසීගිය මැතිවරණයකින් පසු ජනවාරි මාසයේදී නැවත බලයට පත් වූ මධුරෝගේ දිගුකාලීන විවේචකයකු වන්නේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ය.
ඡන්ද ප්‍රතිඵල අන්තර්ජාතික ප්‍රජාව විසින් ද පුළුල් ලෙස ප්‍රතික්ෂේප කර තිබිණි.
අමෙරිකානු නීතිපති පෑම් බොන්ඩි පැවසුවේ එක්සත් ජනපදය දැනටමත් ප්‍රකාශයට පත් කර ඇති ඩොලර් මිලියන 25 ත්‍යාගය දෙගුණ කරන බවයි.
මධුරෝ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයුම්වලට සෘජුවම සම්බන්ධ බවට ද ඔහු චෝදනා කළේය.
වෙනිසියුලානු විදේශ අමාත්‍ය ඉවාන් ගිල් පැවසුවේ නව ත්‍යාගය ‘දේශපාලන ප්‍රචාරණයක්’ බවයි.
“ඒක එන්නේ කාගෙන්ද කියන එක ගැන අපි පුදුම වෙන්නේ නැහැ,” යනුවෙන් ගිල් පැවසුවේ ලිංගික අපරාධකරුවකු වන ජෙෆ්රි එප්ස්ටයින්ගේ නඩුව හැසිරවීම සම්බන්ධයෙන් ඇති වූ පසුබෑමට අදාළ අවධානය වෙනතකට යොමු කිරීමට බොන්ඩි උත්සාහ කරන බවට චෝදනා කරමිනි.
ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළ, එක්සත් ජනපද රජය මධුරෝ සහ අනෙකුත් ඉහළ පෙළේ වෙනිසියුලානු නිලධාරීන්ට මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය, දූෂණය සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල කළේය.
ඒ අවස්ථාවේ දී, එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව කියා සිටියේ මධුරෝ කොලොම්බියානු කැරලිකාර කණ්ඩායමක් වන ෆාර්ක් සමඟඑක්වී එක්සත් ජනපදය යටකර දැමීමට ආයුධයක් ලෙස කොකේන් භාවිත කිරීමට කටයුතු කර ඇති බවයි.
එක්සත් ජනපද මත්ද්‍රව්‍ය බලාත්මක කිරීමේ පරිපාලනය විසින් මධුරෝ සහ ඔහුගේ සහචරයන්ට සම්බන්ධ කොකේන් ටොන් 30ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් ටොන් හතකට ආසන්න ප්‍රමාණයක් මධුරෝටම සම්බන්ධ බව ප්‍රකාශ කර තිබේ.
එක්සත් සමාජවාදී පක්ෂයේ නායකයා වන සහ 2013 දී හියුගෝ චාවේස්ගෙන් පසු බලයට පත් වූ මධුරෝ, වෙනිසියුලාවේ විපක්ෂ කණ්ඩායම් මර්දනය කිරීම සහ ප්‍රචණ්ඩත්වය භාවිත කිරීම ඇතුළුව විරුද්ධවාදීන් නිහඬ කිරීම සම්බන්ධයෙන් නැවත නැවතත් චෝදනා ලැබ සිටී.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart