
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රවීණ කැසිනෝ ක්‍රියාකරුවකු වන රවී විජේරත්න සහ රැන්ක් එන්ටර්ටේන්මන්ට් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම විසින් විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව ගිවිසුම්ගත බැඳීම් කඩ කිරීම සහ පැමිණිලිකරුවන් පිළිබඳ තොරතුරු හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් රුපියල් බිලියන 15ක වන්දි ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ.
වෝටර්ෆ්රන්ට් ප්‍රොපර්ටීස් (පෞද්) සමාගම, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, හොංකොං ලැයිස්තුගත මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් ලිමිටඩ් සහ බ්ලූ හෙවන් සර්විසස් (පෞද්) සමාගම යන සමාගම් නඩුවේ විත්තිකරුවන් ලෙස දක්වා ඇත.
මෙම නඩුව පසුගිය අඟහරුවාදා කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු එම්.වයි.එම්. ඉර්සදීන් ඉදිරියේ කැඳවන ලද අවස්ථාවේදී, 2025 නොවැම්බර් 12 වැනි දිනට පෙර පිළිතුරු ගොනු කරන ලෙස විත්තිකරුවන්ට නියම කරන ලදී.
පැමිණිලිකරුවන් ප්‍රකාශ කළේ, සිනමන් ලයිෆ් සහ ජෝන් කීල්ස් හෝල්ඩින් පීඑල්සී සමඟ 2013 සිට අඛණ්ඩව ගිවිසුම්ගත ගනුදෙනුවල යෙදී සිටින බවත්, රැන්ක් එන්ටර්ටේන්මන්ට් හෝල්ඩින්ග්ස් සතුව ඇති කැසිනෝ බලපත්‍රයක් සිනමන් ලයිෆ් කැසිනෝ අවකාශයේ කැසිනෝ පවත්වාගෙන යෑම සඳහා වෙන් කරනු ඇති බවට දැනගන්නට ලැබී ඇති බවයි.
රැන්ක් එන්ටර්ටේන්මන්ට් හෝල්ඩින්ග්ස් 2013 සිට රජයට මිලියන ගණනක් මුදල් ගෙවා කිසිදු ආකාරයකින් බලපත්‍රය භාවිත නොකර මෙම අරමුණ සඳහා පමණක් කැසිනෝ බලපත්‍රයක් අක්‍රියව තබා ඇති බව පැමිණිලිකරුවෝ ප්‍රකාශ කළහ.
සිනමන් ලයිෆ් කැසිනෝ අවකාශයේ කැසිනෝ බලපත්‍රය භාවිත කිරීම සම්බන්ධයෙන් පාර්ශවයන් අතර ඇති අවබෝධය හේතුවෙන්, රැන්ක් එන්ටර්ටේන්මන්ට් හෝල්ඩින්ග්ස් සහ රවී විජේරත්න සිනමන් ලයිෆ් හි ඒකාබද්ධ නිවාඩු නිකේතනයේ කැසිනෝ අවකාශය සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම සහ මූල්‍ය සැලසුම් සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් විශාල වශයෙන් ආයෝජනය කර සහයෝගයෙන් කටයුතු කළ බවත් පැමිණිලිකරුවෝ තවදුරටත් ප්‍රකාශ කළහ.
පැමිණිලිකරුවන් කියා සිටියේ තමන්ට ශ්‍රී ලංකාවේ කැසිනෝ පවත්වාගෙන යෑමේ වසර 30කට වැඩි පළපුරුද්දක් ඇති බවත්, වාණිජමය වශයෙන් සංවේදී තොරතුරු සම්පාදනය කිරීම, නිර්මාණය කිරීම සහ නඩත්තු කිරීම සඳහා සැළකිව යුතු උත්සාහයක් සහ මුදලක් වැය කර ඇති බවත්, මේ වන විට වෝටර්ෆ්රන්ට් ප්‍රොපටීස් සහ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්, එයින් අසාධාරණ ලෙස ප්රතිලාභ ලබා ඇති අතර, රැන්ක් එන්ටර්ටේන්මන්ට් හෝල්ඩින්ග්ස් හට සිනමන් ලයිෆ් හි කැසිනෝ අවකාශය භාවිත කිරීමේ අවස්ථාව ද අහිමි කර ඇති බවත්ය.
පැමිණිලිකරුවන් තවදුරටත් කියා සිටියේ එම කැසිනෝ අවකාශය හොංකොං පදනම් කරගත් මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් ලිමිටඩ් කැසිනෝ ක්‍රියාකරු සහ එහි ශ්‍රී ලාංකික අනුබද්ධිත බ්ලූහේවන් සර්විසස් පෞද්ගලික සමාගම විසින් මේ වන විට ක්‍රියාත්මක කරන බවත්, ඔවුන්ට දැන් කැසිනෝ බලපත්‍රයක් හිමි බවත්ය.
පැමිණිලිකරුවන්ගේ ස්ථාවරය වන්නේ සිනමන් ලයිෆ් සහ ජෝන් කීල්ස් හෝල්ඩින්ග් පීඑල්සී හට කැසිනෝ කර්මාන්තය සහ ශ්‍රී ලංකාව පිළිබඳ පූර්ව තොරතුරු හෝ අත්දැකීම් නොතිබූ අතර රවී විජේරත්න සහ රැන්ක් එන්ටර්ටේන්මන්ට් හෝල්ඩින්ග්ස් හෙළි නොකළ තොරතුරු මත සම්පූර්ණයෙන්ම විශ්වාසය තැබූ බවයි.
හෙළි නොකළ තොරතුරු නීති විරෝධී ලෙස භාවිත කිරීම සහ හෙළිදරව් කිරීම 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතට අනුව ශ්‍රී ලංකා නීතිය යටතේ ක්‍රියා කළ හැකි බවට ද පැමිණිලිකරුවෝ තර්ක කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart