
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක කුසලානයට සුදුසුකම් ලැබිමේ තරගාවලියේ සුපිරි හයදෙනාවටයේ නෙදර්ලන්තය සමග පැවති තරගයේදි අයි.සි.සි චර්යා ධර්ම උල්ලංඝනය කර ඇති බවට ශ්රී ලංකා ක්රිකට් පිළේ වනිදු හසරංග පිළිගෙන තිබේ.
දැවීයෑමෙන් අනතුරුව ක්රීඩාගාරයට ගමන් කරන අතරතුර වනිදු සිය පිත්තෙන් හතරේ සීමා සළකුණට පහරදීම සිදුකර ඇති අතර ඒ පිළිබඳව විනිසුරුවන් විසින් චෝදනාව සිදුකර ඇත.
ඒ අනුව වනිදු හරසංග “අන්තර්ජාතික තරගයක් අතරතුර ක්රිකට් උපකරණ හෝ ඇඳුම් පැළඳුම්, අනිසි ලෙස භාවිත කිරීම” යන අයි.සි.සි චර්යාධර්ම සංග්රහයේ 2.2 වගන්තිය කඩ කර තිබෙන හෙයින් ඔහුට අවාසි ලකුණක් එක් කිරීමට කටයුතු කර ඇත.
මෙය මාස 24ක් තුළ වනිදු හසංරග සිදුකළ දෙවන චර්යා ධර්ම උල්ලංඝනය වන අතර ඒ අනුව ඔහුට එරෙහි අවාසි ලකුණු ගණන දෙකකි.
මේ අතර නෙදර්ලන්තය සමග පැවැති තරගයේදි අබාධයකට ලක්වූ ශ්රී ලංකා වේගපන්දු යවන ක්රීඩක ලහිරු කුමාරට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ඉදිරි තරග අහිමිව තිබේ. ලහිරු කුමාර ඒ අනුව යළි ශ්රී ලංකාවට පැමිණෙන අතර ඔහු වෙනුවට සහන් ආරච්චිගේ ශ්රී ලංකා සංචිතයට ඇතුළත් කර ඇත.
දුෂ්මන්ත චමීර ද අබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු වෙනුවට ඩිල්ශාන් මධුශංක ශ්රී ලංකා සංචිතයට ඇතුළත් කෙරිණි.
ශ්රී ලංකාව සහ සත්කාරක සිම්බාබ්වේ අතර තරගය බුලවායෝහිදි අද(02) පස්වරු 12.30 ආරම්භ විමට නියමිතව තිබේ.
සුපිරි හය වටයේ ප්රසාද ලකුණු 06ක් ලබාගෙන ශ්රී ලංකාව පෙරමුණේ පසුවෙයි. සිම්බාබ්වේ ප්රසාද ලකුණු 06 ලබාගෙන දෙවන ස්ථානයේ පසුවෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart