
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගමන් මල්ලක් තුළ සිටියදී අවුරුදු දෙකක දැරියක් සොයාගැනීමෙන් අනතුරුව නවසීලන්තයේ බස් රථයක ගමන් කරමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
එරට පොලිසිය පැවසුවේ, එම බස් රථයේම ගමන් කළ මගියකු සිය ගමන් මල්ල ලබාගැනීම සඳහා ඒවා අසුරා තිබූ ස්ථානයට ප්රවේශවීමේදී අදාළ ගමන් මල්ල සෙලවෙන අයුරු දැක ඇති බවයි.
අනතුරුව බස් රථයේ රියදුරු ගමන් මල්ල විවෘත කළ විට එහි සිටි අවුරුදු දෙකක දැරිය සොයාගත් බව නවසීලන්ත පොලිසිය නිවේදනයක් නිකුත්කරමින් පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 27 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර, දරුවකුට අයුතු ලෙස සැලකීම සහ නොසලකා හැරීම සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී තිබේ.
දැරිය කඩිනමින් රෝහල්ගත කර වෛද්‍ය පරීක්ෂණසක් සඳහා භාජනය කර තිබේ.
දැරිය ගමන් මල්ල තුළ කොපමණ වේලාවක් සිටියාද යන්න හෝ බස් රථය කුමන නගර අතර ගමන් කළේද යන්න මෙතෙක් හෙළිවී නැතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
මෙම කාන්තාව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ප්‍රතිචාර දැක්වීමට පොලිසිය කැඳවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
බස් රථය අයත් බස් සේවය පවසා ඇත්තේ වයස අවුරුදු දෙක දක්වා දරුවන්ට වැඩිහිටියෙකුගේ උකුලේ නොමිලේ ගමන් කළ හැකි බවයි.
වයස අවුරුදු තුන සහ ඊට වැඩි දරුවන්ට පමණක් ළමා ටිකට් පතක් අවශ්‍ය වන අතර භාරකරුවෙකු සමඟ ගමන් කළ යුතු බව ඔවුන් පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart