
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රෝමයේදී සම වයසේ ගැහැණු ළමයෙක් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති 17 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
රෝමයේ වයඹදිග ප්රිමාවල් දිස්ත්‍රික්කයේ කසළ කන්ටේනරයක් අසල තිබූ ට්‍රොලියකින් මළසිරුර හමුවීමෙන් පසුව අදාළ තරුණයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නමුත්, සැකකරු, ඉතාලියේ රෝම අගනුවර උපත ලැබූවකු වන අතර ඝාතනයට ලක්වූ තරුණිය ඉතාලි ජාතිකයෙකු බව පැවසේ.
තරුණයා ජීවත් වන මහල් නිවාසයේදී ඇයට පිහියෙන් ඇන ඝාතනය කර සිරුර කුණු බෑගයක දමා ට්‍රොලියට බැහර කර ඇති බව සදහන් වේ.
මෙම ම්ලේච්ඡ ඝාතනයෙන් තමා දැඩි කම්පනයට පත් වූ බවත්, එය තවත් පිළිගත නොහැකි ඝාතනයක් බවත්, රෝම නගරාධිපති Roberto Gualtieri සඳහන් කරයි.
ලිංගික ප්රචණ්ඩත්වය සෑම ආකාරයකින්ම තරයේ හෙළා දකින බවත්, එයට එරෙහිව සටන් කිරීමට, එය වළක්වා ගැනීමට සහ එයින් පීඩා විඳින කාන්තාවන්ට සහාය වීමට සියලු දෙනාගේම කැපවීම ශක්තිමත් කළ යුතු බවත්, නගරාධිපතිවරයා පවසා ඇත
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart