August 4, 2025

2025 ජූලි මාසයේදී ශ්‍රී ලංකාව සංචාරකයන් 200,244 දෙනකු පැමිණ ඇති අතර, එය පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව 6.6% ක වැඩිවීමකි.

මාස හතරකට පසු මාසික පැමිණීම් 200,000 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වන අතර, අවසන් වරට එවැනි ඉහළම අගය 2025 මාර්තු මාසයේදී 229,298ක් ලෙස වාර්තා විය.

ඒ අනුව 2025 මුල් මාස හත සඳහා සංචාරකයන්ගේ සම්පුර්ණ පැමිණීම් මිලියන 1.37 දක්වා ඉහළ ගොස් ඇත.

එමඟින් 2018 දී වාර්තා වූ මිලියන 2.33ක සංචාරක පැමිණීම් වලට ආසන්න වීමට හෝ එම අගය ඉක්මවා යාමට රටට අවස්ථාව පවතින බවට ඉඟිකර තොඉබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සහ COVID-19 වසංගතයෙන් සංචාරක අංශයට බාධා එල්ලවීමට පෙර ඉහළම අගයක් වාර්තා වූ අවසන් වසර 2018යි.