
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දුනීසියාවේ වඩාත් ක්‍රියාකාරී ගිනි කඳුවලින් එකක් වන ලෙවෝටෝබි ලාකි ලාකි කන්ද, අද අලුයම දෙවැනි දිනටත් පුපුරා ගොස් තිබේ.
ඒ සමග අහසට කිලෝමීටර් 18ක් දක්වා අළු තීරුවක් විහිදී ගිය බවත් ගම්මාන එම සුන්බුන්වලින් වැසී ගිය බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.
පිපිරීමෙන් කිසිවකුට හානි සිදු වූ බවක් මෙතෙක් වාර්තා වී නොමැත.
ඊයේ සවස සිදු වූ තවත් පිපිරීමක් හේතුවෙන් කිලෝමීටර් 10ක් දක්වා දුරට අළු වලාකුළු විහිද ගොස් තිබූ අතර ලාවා සහ අකුණු සැර නිසා රාත්‍රී අහස ආලෝකවත් වී තිබී ඇත.
පිපිරීම් දෙක සිදුව තිබුණේ පැය පහකටත් අඩු කාලයක් තුළය.
කඳු බෑවුම්වල සිට කිලෝමීටර් 5ක් දක්වා පාෂාණ සහ ලාවා සමඟ මිශ්‍ර වූ දැවෙන වායු වලාකුළු කුණාටුවක් ඇති විය හැකි බව ඉන්දුනීසියාවේ භූ විද්‍යා ඒජන්සිය වාර්තා කර තිබේ.
ඩ්‍රෝන නිරීක්ෂණ මගින් ලාවාවල ගැඹුරු චලනයක් පෙන්නුම් කර තිබේ.
උණුසුම් බොරළු ඇතුළු ගිනිකඳු ද්‍රව්‍ය ආවාටයේ සිට කිලෝමීටර් 8ක් දක්වා දුරකට විසිවී ඇත.
අසල ගම්මාන සහ නගර ඝන ගිනිකඳු අපද්‍රව්‍යවලින් වැසී ගිය බව බව ඒජන්සිය භූ විද්‍යා පැවසීය.
ගිනි කන්දෙන් ආරම්භ වන ලාවා ගංගාවල ගලායෑම අවුලුවාලිය හැකි අධික වර්ෂාපතනය පිළිබඳ විමසිලිමත් වන ලෙස එම ඒජන්සිය නිවැසියන්ගෙන් ඉල්ලා සිටියේය.
එරට වඩාත්ම චංචල ගිනි කන්ද වන මෙරාපි කන්ද 2010 වසරේ දී පුපුරා යෑමෙන් පසු ඉන්දුනීසියාවේ සිදු වූ විශාලතම පිපිරීම්වලින් එකක් ලෙස අද සිදු වූ පිපිරීම වාර්තා වේ.
එදා සිදු වූ පිපිරීමෙන් පුද්ගලයන් 350කට වැඩි පිරිසක් මිය ගිය අතර ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඉවත් කෙරිණි.
ජූලි 7 වැනිදා සිදු වූ ප්‍රධාන පිපිරීමකින් බාලි හි නුගුරා රායි ගුවන්තොටුපළේ ගුවන් ගමන් ගණනාවක් ප්‍රමාද වීමට හෝ අවලංගු කිරීමට සිදු වූ අතර, මාර්ග සහ කුඹුරු ඝන, අළු මඩ සහ පාෂාණවලින් වැසී ගොස් තිබිණි.
ෆ්ලෝරස් සිට දුරස්ථව පිහිටි දූපතේ මීටර් 1,584ක උසින් යුතු ගිනි කන්දක් වන ලෙවෝටෝබි ලාකි ලාකි, ජුනි 18 වැනිදා පුපුරා යෑමෙන් පසු ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටමේ තිබේ.
නොවැම්බර් මාසයේදී එහි සිදු වූ පිපිරීම් මාලාවකින් පුද්ගලයන් නව දෙනෙකු මිය ගොස් නිවාස දහස් ගණනක් විනාශ වීමෙන් පසු ඉන්දුනීසියානු රජය පදිංචිකරුවන් දහස් ගණනක් ස්ථිරවම වෙනත් ස්ථානයකට ගෙන ගොස් ඇත.
ඉන්දුනීසියාව යනු නිරන්තර භූ කම්පන ක්‍රියාකාරකම් සහිත මිලියන 280කට අධික ජනතාවක් සිටින දූපත් සමූහයකි.
එහි ක්‍රියාකාරී ගිනි කඳු 120ක් ඇති අතර පැසිෆික් ද්‍රෝණිය වටා ඇති භූ කම්පන රේඛා මාලාවක් වන ‘ගිනි වළල්ල’ දිගේ පිහිටා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart